යොවුන් පැරා ශූරයින් දිවයිනට

ඩුබායි හි පැවති 2025 ආසියානූ යොවුන් පැරා ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම රන් පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කම් 02ක් දිනාගෙන අද (15) අලුයම දිවයිනට පැමිණියා.

මෙම තරගාවලිය ආසියානු කලාපයේ රටවල පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 07 දින සිට 14 දින දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි දී පැවැත් වුණා.

තරගාවලියේ දී ඩිල්මිණි උදුම්බරා කුමාරගේ ක්‍රීඩිකාව කවපෙත්ත විසි කිරීම සහ යගුලිය දැමීම ඉසව්වලින් රන් පදක්කම් දිනාගැනීමට සමත් වුණා.

ඩිල්මිණි, කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක්.

ඊට අමතරව තරගාවලියට සහභාගී වූ සෙනුවර සන්දිලු මීටර් 100 ධාවන ඉසව්වෙන් රන් පදක්කම සහ දුර පැනීම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

ඔහු අතුරුගිරිය මහාමාන්‍ය විද්‍යාලයේ 09 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් .

මෙම තරගාවලියේ දී මොහොමඩ් ඉස්හාම් ‍යූනුස් මීටර් 400 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48