Empty Ad
AFC Banner
Empty Ad

යොවුන් ආසියානු කුසලානයේ ජය බංග්ලාදේශයට

ඉන්දීය කණ්ඩායම පරාජය කර මෙවර වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද සමත්වුණා.

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම මෙම ශුරතාව දිනාගත්තේ ඉන්දීය අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 59කින් පරාජය කරමින්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 49යි එක් පන්දුවක් තුළ ලකුණු 198කට සීමා කරන්නට ඉන්දීය පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

අනතුරුව පන්දු 300ක් තුළ ලකුණු 199 ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් බංග්ලාදේශ පන්දු යවන්නන්ගෙන් එල්ල වුණා.

ඒ, අනුව බංග්ලාදේශ පන්දු යවන්නන්, ඉන්දීය පිතිකරුවන් සියලු දෙනා පන්දුවාර 35යි පන්දු 02ක් තුළ ලකුණු 139කට සීමා කරමින් අවසන් මහා තරගය ලකුණු 59කින් ජයගත්තා.

ඒ, අනුව බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම දෙවැනි වරටත් මෙම ශූරතාවයට හිමිකම් කියන්නට අද (08) සමත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
5
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?