යූ ටියුබ් නරඹා ගිනිඅවි නිපදවූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

යූ ටියුබ් නරඹා ගිනි අවි නිදපවූ පුද්ගලයින් දෙදෙනෙකු අද (19) අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පැවසීය

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුරලිය සීලදොල ප්‍රදේශයේ පදිංචි 41 සහ 21 හැව්රිදි පුද්ගලයන් දෙදෙනෙකු බවත් ඔවුන් නෑකමට මාමා සහ බෑනා වන බවත් පොලිසිය කීය.

සැකකරුවන් සන්තකයේ තිබී ටී 56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක්, අඩි පහක් පමණ දිග ගිනි අවියක් , ටී 56 ගිනි අවියට යොදන උණ්ඩයක්. ගිනිඅවි නිපදවීමට යොදාගත් ග්‍රයින්ඩර් දෙකක් සහ ග්‍රිල් එකක් සොයාගත් බව පොලිසිය කීය.

ප්‍රධාන සැකකරු අරගල සමයේ බදුරලිය ප්‍රදේශයේ රුපියල් කෝටි 14 ක පමණ වටිනාකමකින් යුත් වාහන සහ යතුරුපැදි වෙළද සැලක් ගිනිතබා විනාශ කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබ සිටින ප්‍රධාන සැකකරු බවද උසස් පොලිස් නිළධාරීයෙක් කීය.

සැකකරුවන් මෙම ගිනිඅවි භාවිතා කරමින් කිසියම් අපරාධ සිදුකර ඇද්ද යන්න සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලිසිය සදහන් කරයි.

සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !