පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ 10 කොටස ප්‍රදේශයේදී යුධ සමයේදී වල දමා තිබු ඉන්ධන ටැංකියක් පිළිබඳව විමර්ශන ආරම්භ කරතිබෙනවා.
මේ පිලිබඳව මුලතිව් ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු ගරු මහේස්ත්‍රාත් තුමාගේ නිරීක්ෂණයෙන් පසුව මෙම ඉන්ධන ටැංකිය ගොඩට ගෙන පරික්ෂා කිරීමේදි මෙය කලකට ඉහතදි වලදමා ඇති බවට නිරීක්ෂණය වී ඇති අතර ඉන්ධන ටැංකිය පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානය භාරයට ගෙන ඇත . මෙය තහඩු ටැංකියක් වන අතර දිග අඩි 16 අඟල් 03 ක් පමණ වන පළල විශ්කම්භය අඩි 07 අඟල් 09 කින් යුක්ත වේ . ඒ තුළ ඉන්ධන කිසිවක් නොතිබූ අතර පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි .













