ඊයේ පාර්ලිමේන්තුව අසල අරගලකරුවන් විරෝධතාවයේ නිරත වෙද්දී ඒ අසලට අංක තහඩු නොමැති යුද හමුදා යතුරු පැදි කිහිපයක් පැමිණියා.
එම ස්ථානයෙන් අවස්ථා කිහිපයකීම ඒ මේ අතර ඔවුන් යද්දී විරෝධතාකරුවන්ට දැඩි විරෝධයක් ඔවුන්ට එල්ල කළා.
නැවතත් එම යුද හමුදා යතුරුපැදි පැමිණෙද්දී පොලිසියද ඊට විරුද්ධත්වය පලකළා.
ඔවුන්ට දැඩි අවවාද කිරීමක්ද පොලිසිය විසින් සිදුකළා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කරන ලෙසද හමුදාපතිවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා.
එවැනි පසුබිමක විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු සිය මුහුණුපොතේ වෙනස්ම කතාවක් සටහන් කර තිබුණා.
සේනාංකයක් භාරව සිටි යුද හමුදාවේ කීර්තිමත් නිලධාරියෙකු වන චාගි ගාල්ලගේ සිය මුහුණුපොතේ මෙලෙස සටහනක් තබා තිබුණා.
“නොදන්න ටිංකිරිවලට කහින බයියන්ගේ දැනගැනීම පණිස, හෙට සිට පොලිසියට හමුදාවෙන් කෑම.”















වෛරයෙන් වෛරය සංසිදෙන්නේ නැත
ගින්නෙන් ගින්න, නිවිය නොහැකියි, පොලිසිය ට කෑම ඔහුන් විසින්ම සපයා ගනීවි, ඒ අවස්ථාවේ පොලිසිය හරි විදියට කටයුතුකලා, ආණ්ඩුක්‍රම විවස්ථාවෙන් දී ඇතී නියාමනයන් පොලිසිය පිළිපැද්දා, එසේ නොවන්නට කුමක් සිදු වේවිද?
අහෝ! 69 ලක්ෂය, මෙසේ පීඩා වට පත් වීමට සිදුවීම කනගාටුදායකයි, සාම කාමිව, අයිතීන් දිනා ගමු, ලක් මෑණියන්ට, ජයවේවා!ජයවේවා!! ජයවේවා!!!.
awawada karanawa kiyanne kunuharupen benala gahana ekatadha.? kauruwath sadharane karanaya karanna yanna epa depetthama weradi ema beluwath mirihana ekedhi olupelenna gahanne police ye mahatthuru ethakota army eke kollo denna athak wath thibbadha ne sadda nokara giya prcharaya katanna winiwidha bawayakin uktha thorathuru
Thanks…….
Mona kemakwath nemei. Denatamath Interdict kirimata thiranaya karala. Pasuwa ath adanguwata ADIKARANAYA magin.