Empty Ad
AFC Banner
Empty Ad

යුද ප්‍රවීණයින්ට පැනවූ සම්බාධක ගැන රජයේ ස්ථාවරය අද පස්වරුවේ

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සිව්දෙනෙකුට එක්සත් රාජධානිය විසින් පැනවූ සම්බාධක ගැන රජයේ ස්ථාවරය, අද(26) පස්වරුවේ ප්‍රකාශ කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ විදේශ අමාත්‍යාංශය මගින් රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරන බවයි.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් මර්දනයේ දී මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වීම හේතුවෙන් හිටපු යුද ප්‍රවීණ‍යින් වන ශවේන්ද්‍ර සිල්වා, වසන්ත කරන්නාගොඩ, ජගත් ජයසූරිය සහ කරුණා අම්මාන් ඇතුළු පිරිසකට පසුගියදා (24) බ්‍රිතාන්‍යය මගින් මෙම සම්බාධක පනවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?