යුද්ධයක් ආරම්භ නොකළ ජනපති වීම ගැන මට ආඩම්බරයි – ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයෙන් සමුගනිමින් කියයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (19) දිනයේ දී සිය ධුරයෙන් සමුගැනීමේ කතාව කරන ලදී.

එහිදී ජනාධිපතිවරයා විසින් සඳහන් කර සිටියේ ඔවුන් බලයට පැමිණි කාරණය ඉටු කළ බවත්, ඊටත් වඩා දේවල් කළ බවත්ය. එමෙන්ම ලෝක ඉතිහාසය තුළ ඇමෙරිකාව සතු විශිෂ්ඨම ආර්ථිකය ගොඩ නැගූ බව ද හෙතෙම සඳහන් කළේය.

තම පාලනය මැදි පෙරදිග සාමය ඇති කිරීමට කටයුතු කළ බවත් විශේෂයෙන්ම ගෙවී ගිය දශකය තුළ කිසිදු යුද්ධයක් ආරම්භ නොකළ අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තමන් ආඩම්බර වන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේය.

ඒ සියල්ලට ම වඩා ඇමෙරිකානු රජය සිය ජනතාව වෙත පිළිතුරු ලබා දෙනවා යැයි කියන පාරිශුද්ධවූ අදහස තම පාලනය විසින් තහවුරු කළ බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර සිටියේය.

අමෙරිකාව අමතක කර දමා තිබූ එම අදහස නැවත ඇති කළ බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

එමෙන්ම සිය පාලනය පිළිබඳව ජනතාවට ඇති විශ්වාසය නැති අමෙරිකාවේ ශ්‍රේෂ්ඨත්වය නැතිවීමට සමාන බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පවසා සිටියේය.

“තමන්ගේ සාරධර්ම, ඉතිහාසය සහ වීරයන් කෙරෙහි ඇති විශ්වාසය නැති කර ගන්නා කිසිම ජාතියකට දිගු කලක් දියුණුවට පත්විය නොහැකිය. මක්නිසාද යත්, අපගේ එකමුතුකමේ සහ අපගේ ජීව ශක්තියේ මූලාශ්‍ර මේවා ය.” යනුවෙන් ද ජනාධිපතිවරයා සිය කතාව තුළින් ජනතාවට පවසා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 20.02.2026
08:19:35
Video thumbnail
කොටි ඩයස්#රාව - ආණ්ඩුව එකතුවෙලා සමාජය විනාශ කරනවා..?නාමල්ගෙන් සැර කතාවක්
04:49
Video thumbnail
මේ කා#$ණ්නි වැඩක් කරන අපේ චරිතේ කනවා..ඩඩ්ලි දේශපාලකයොන්ට රිදෙන්නම දෙයි..
05:47
Video thumbnail
සඟ සමුළුවට නොසිතූ සෙනගක්..සජිත් ඇතුළු විපක්ෂයේ සෙට් එකත් එයි..දෙවියනේ මෙච්චර ?
02:30
Video thumbnail
සභානායකගේ පුටුවේ අසුන්ගත් වටගල ලොකු අපහසුතාවකට ලක්වෙයි
01:40
Video thumbnail
ජනපති සහ මෝදි අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක්..ජනපති ගැම්මට ඉන්න හැටි
00:37
Video thumbnail
2/3 ගත්තට පස්සේ CEB එකට හෙ# ගැ#වත් කමක්නෑ..CEB එකට දෙයියන්ගෙම පිහිටයි
05:05
Video thumbnail
චානක තනියෙන් නැගිටලා හතර වටේටම දෙසයි..ඔයා කූල් එකේ ඉන්න..පාඩුව බිලියන 100යි..
12:06
Video thumbnail
කාන්තාවොත් නටවපු මෛත්‍රීගේ සුපිරි ගීතය..ඩඩ්ලි ඇතුළු සෙට් එකම තාලෙට අත්පුඩි ග#න හැටි
01:22
Video thumbnail
මහින්ද මහත්තයා 2015 පැරදුණේ නැතිනම් තරුණයින් ඩොලර්වලින් පඩි ගන්නේ
02:58


?