යුද්ධයක් ආරම්භ නොකළ ජනපති වීම ගැන මට ආඩම්බරයි – ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයෙන් සමුගනිමින් කියයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (19) දිනයේ දී සිය ධුරයෙන් සමුගැනීමේ කතාව කරන ලදී.

එහිදී ජනාධිපතිවරයා විසින් සඳහන් කර සිටියේ ඔවුන් බලයට පැමිණි කාරණය ඉටු කළ බවත්, ඊටත් වඩා දේවල් කළ බවත්ය. එමෙන්ම ලෝක ඉතිහාසය තුළ ඇමෙරිකාව සතු විශිෂ්ඨම ආර්ථිකය ගොඩ නැගූ බව ද හෙතෙම සඳහන් කළේය.

තම පාලනය මැදි පෙරදිග සාමය ඇති කිරීමට කටයුතු කළ බවත් විශේෂයෙන්ම ගෙවී ගිය දශකය තුළ කිසිදු යුද්ධයක් ආරම්භ නොකළ අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තමන් ආඩම්බර වන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේය.

ඒ සියල්ලට ම වඩා ඇමෙරිකානු රජය සිය ජනතාව වෙත පිළිතුරු ලබා දෙනවා යැයි කියන පාරිශුද්ධවූ අදහස තම පාලනය විසින් තහවුරු කළ බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර සිටියේය.

අමෙරිකාව අමතක කර දමා තිබූ එම අදහස නැවත ඇති කළ බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

එමෙන්ම සිය පාලනය පිළිබඳව ජනතාවට ඇති විශ්වාසය නැති අමෙරිකාවේ ශ්‍රේෂ්ඨත්වය නැතිවීමට සමාන බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පවසා සිටියේය.

“තමන්ගේ සාරධර්ම, ඉතිහාසය සහ වීරයන් කෙරෙහි ඇති විශ්වාසය නැති කර ගන්නා කිසිම ජාතියකට දිගු කලක් දියුණුවට පත්විය නොහැකිය. මක්නිසාද යත්, අපගේ එකමුතුකමේ සහ අපගේ ජීව ශක්තියේ මූලාශ්‍ර මේවා ය.” යනුවෙන් ද ජනාධිපතිවරයා සිය කතාව තුළින් ජනතාවට පවසා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?