යුද්දෙ නිසා කල් දැමීමට සිදු වූ පුතුගේ මඟුල ගැන නෙතන්යාහු කළ ප්‍රකාශය දැඩි විවේචනයට

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිදු කළ ප්‍රකාශයක් මේ වනවිට (20) දැඩි ආන්දෝලනයක් ඉපිදවීමට හේතු වී තිබෙනවා.

ඒ ඔහු මැදපෙරදිග යුද්ධය හමුවේ තමන්ට විශාල වශයෙන් පෞද්ගලික හානියක් සිදු වූ බවට මාධ්‍ය හමුවේ සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන්.

යුද තත්ත්වය හේතුවෙන් තම පුතු වන අව්නර්ගේ විවාහ මංගල්‍යය දෙවැනි වරටත් කල් දැමීමට සිදු වීම පෞද්ගලිකව විශාල පාඩුවක් බවට ඊශ්‍රායල අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඉරානය විසින් ඊයේ (19) රාත්‍රියේ ඊශ්‍රායලයේ සොරෝකා රෝහලට පහරදීමෙන් පසු ඊශ්‍රායලයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් ද එල්ල කළා.

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වෙමින් පවතින ආතතීන් මධ්‍යයේ, නෙත්න් යාහු සොරොකා රෝහල නිරීක්ෂණයට පැමිණීමෙන් පසුව මෙම ප්‍රකාශය කර ඇති බවයි ‘හින්දුස්තාන් ටයිම්ස්’ පුවත් සේවය වාර්තා කළේ.

මෙම ප්‍රකාශය බොහෝ ඊශ්‍රායල ජාතිකයින්ගේ විවේචනයට පාත්‍ර වී තිබෙනවා.

යුද කාලීන විඳ දරාගැනීමේ ආත්මයක් ඇති කරගන්නා ලෙස ද ඊශ්‍රායල අගමැතිවරයා වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

මූලාශ්‍රය – https://www.hindustantimes.com/

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
11
+1
2
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?