යුක්රේන හමුදාපති ධුරයෙන් නෙරපා දමයි

යුක්රේන හමුදාපති ජනරාල් වැලෙරි සලුස්නි එම ධුරයෙන් ඉවත් කර කිරීමට ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී තීරණය කර තිබේ.

වැලෙරි සලුස්නි, යුක්රේන හමුදාපති ලෙස කටයුතු කරමින් සිටියේ, 2021 වසරේ ජුනි මාසයේ සිටය. රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපයේ, ජනරාල් සලුස්නි සහ ජනාධිපති සෙලෙන්ස්කී අතරේ මත ගැටුම් පැවැති බව ද වාර්තා විය.

ජනාධිපති සෙලෙන්ස්කිට අවශ්‍ය වී ඇත්තේ යුක්රේනයේ රුසියන් පාලනය යටතේ ඇති ප්‍රදේශ හැකි ඉක්මනින් යළි ආක්‍රමණය කිරීමය. කෙසේ නමුත්, කෙසේ නමුත් හමුදා ප්‍රධානියාගේ ස්ථාවරය වී ඇත්තේ ආයුධ ශක්තිය නොමැතිව රුසියානු පාලන ප්‍රදේශ ආක්‍රමණය කිරිම අසාර්ථක උත්සහයක් වනු ඇති බවය. මත ගැටුම් උත්සන්න වූයේ ඒ අනුවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?