යුක්‍රේන ඩ්‍රෝන් ප්‍රහාරයෙන් රුසියානු බලශක්ති බලාගාර දෙකක ගින්නක්

යුක්‍රේනය – රුසියාවට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර රැසකින් රුසියානු බලශක්ති බලාගාර දෙකක ගින්නක් හටගෙන තිබෙනවා.

රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, යුක්‍රේනියානු ඩ්‍රෝන යානා 158 කට වැඩි ප්‍රමාණයක් මොස්කව් අගනුවර ඇතුළු රටේ ප්‍රදේශ 15ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

රුසියානු හමුදාව කියා සිටින්නේ එම ඩ්‍රෝන යානා විනාශ කළ බවයි.

නමුත් ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස මොස්කව්හි තෙල් පිරිපහදුවක තාක්ෂණික කාමරයක ගින්නක් හටගෙන ඇති බව එම නගරයේ නගරාධිපතිවරයා පවසනවා.

මේ අතර, රුසියානු අගනුවර සිට සැතපුම් 75 ක් (කිලෝමීටර් 120 ක්) දුරින්, ට්වර් කලාපයේ, කොනකෝවෝ විදුලි බලාගාරයට සමීපව විශාල පිපිරීම් ශබ්දයක් ඇසී තිබුණා.

කොනකොව්ස්කි දිස්ත්‍රික්කයේ ප්‍රහාරයක් නිසා ඇති වූ ගින්න මැඩපවත්වා ඇති බව එම කලාපයේ ආණ්ඩුකාර ඉගෝර් රුඩෙන්යා පවසනවා.

මොස්කව් කලාපයේ කෂිරා බලාගාරයට ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස ගින්නක්, හානියක් හෝ ජීවිත හානි කිසිවක් සිදු නොවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?