යුක්‍රේන ජනාධිපති සහ ඇමරිකානු ජනාධිපති ට්‍රප්ම් හමුවෙයි

යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුව ඊයේ සිදු වුණා.

ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ පිහිටි ට්‍රම්ප්ට අයත් මාර්-ඒ-ලාගෝ මන්දිරයේදී මෙම හමුව සිදු වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

රුසියාව සහ යුක්‍රේනය අතර සාම ගිවිසුමකට එලැඹීමේ අඛණ්ඩ උත්සාහයේ අරමුණ වෙනුවෙන් නායකයින් දෙදෙනා මෙලෙස හමුවී තිබෙනවා.

මෙම විශේෂ හමුව සඳහා යුක්‍රේන ජාතික ආරක්ෂක සහ ආරක්ෂක මණ්ඩලයේ ලේකම් රුස්ටම් උමෙරොව් සහ යුක්‍රේන හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇන්ඩ්‍රි නාටෝච් ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටි බව සඳහන්.

මෙම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, රුසියානු – යුක්‍රේන සාම සැලැස්මට එක්සතජනපද ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවලින් 90%ක් සඳහා යුක්‍රේනය එකඟ බවයි.

යුක්‍රේනය ඉතා නිර්භීත බවත් ඔවුන් දැවැන්ත හානියක්ද සිදුකරගෙන ඇති බවයි මෙම මාධ්‍ය හමුවේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ.

ඒ, අනුව කඩිනමින් ගැටුම් අවසන් කිරීමේ කාලය එළඹ ඇති බවත් ඇමරිකානු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

රුසියාව, අමෙරිකාව සහ යුක්‍රේනය අතර ත්‍රෛපාර්ශ්වික හමුවක් සිදුවනු දැකිය හැකිදැයි මෙහිදී මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී එම හමුව අවශ්‍ය හොඳම වේලාවේදි සිදුවිය හැකි බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ.

මේ අතර යුක්‍රේන ජනාධිපතිවරයා සහ ඇමරිකානු ජනාධිපතිවරයා අතර සිදුවූ තුන්වැනි හමුව මෙය වනවා.

යුක්‍රේනය සහ රුසියාව අතර වසර හතරකට ආසන්න යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් ගැටළු පිළිබඳ වැඩිදුර සාකච්ඡා සඳහා එක්සත් ජනපද සහ යුක්‍රේන කණ්ඩායම් ලබන සතියේ ද රැස්වන බවයි සෙලෙන්ස්කි ජනාධිපතිවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22