යුක්‍රේන ජනපති තුවාල ලබයි

 කියෙව්හි දී ඊයේ (14) සිදු වූ රිය අනතුරකින් යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.

කර්කිව්හි ඊසානදිගින් පිහිටි ඉසියුම් නගරය බලා සංචාරය කරමින් සිටින අතරතුරයි ජනාධිපතිවරයා මෙම අනතුරට මුහුණ දී තිබෙන්නේ.

ජනාධිපතිවරයා ගමන් ගත් මෝටර් රථයේ සහ ඔහුගේ පරිවාරක රථවල වෙනත් මෝටර් රථයක් ගැටී ඇති අතර එම අනතුරින් ජනාධිපතිවරයාට සුළු තුවාල පමණක් සිදුව ඇති අතර ඒවා බරපතල තත්ත්වයේ නො මැති බවයි විදෙස් මාධ්‍යය සටහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?