යුක්රේනයේ නවතම තත්ත්වය : දෙපාර්ශවයටම බරපතල හානියි

යුක්රේනයට එරෙහිව යුද්ධය ආරම්භ කරමින් රුසියානු ජනාධිපතිවරයා යුක්රේනයේ විශේෂ හමුදා මෙහෙයුමක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමත් සමඟ එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් සිය දෙනෙකුට වැඩි පිරිසක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යුක්රේනය ප්‍රකාශ කළේ තම සෙබළුන් 40 දෙනෙකු සහ සිවිල් වැසියන් 10 දෙනෙකු රුසියානු ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එසේම, තම හමුදා භටයින් රුසියානු සෙබළුන් 50 දෙනෙකු ඝාතනය කළ බවද යුක්රේනය ප්‍රකාශ කළා.

රුසියානු ගුවන් හමුදා යානා 05ක්, හෙලිකොප්ටර් යානයක් සහ යුද ටැංකි 04ක් විනාශ කළ බව යුක්රේන හමුදාව නිවේදනය කළා.

කෙසේ වෙතත්, රුසියාව සඳහන් කළේ තම ප්‍රහාරවලින් යුක්රේනයේ ගුවන් ආරක්ෂක පද්ධතිය සහ ගුවන් හමුදා කඳවුරු විනාශ කළ බවයි.

මේ වනවිට යුක්රේන ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එරට වැසියන්ට ආයුධ ලබාදීම ආරම්භ කර තිබෙනවා. හැකිතරම් රුධිරය පරිත්‍යාග කරන ලෙසයි ජනාධිපතිවරයා යුක්රේන වැසියන්ට දැනුම් දුන්නේ.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කඩිනමින් නේටෝ සමුළුවක් කැඳවන ලෙස ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉල්ලීමක් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18
Video thumbnail
රන්වලට පුම්බන්න බැලුන් නෑලු - බැලුන් හිඟයි ලු
10:44
Video thumbnail
හරිණිගේ දියාරු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් ගුරුවරුත් මඥ්ඥන් වෙලා..අගක් මුලක් නෑ..තනිකර පිස්සුවක්
18:22
Video thumbnail
උපාධිධාරීන්ට සාධාරණයක් ඉල්ලා සජිත් පාරට බහී
05:15
Video thumbnail
මහ රෑ මතුගම රත්කළ ඝා#තනය
01:13
Video thumbnail
මාතලේට ගිය නාමල්ට ජනතාවගෙන් දැඩි විරෝධයක්..
01:14
Video thumbnail
තලතා ලෙසටම ෆයර්වෙයි - විපක්ෂයට විකෘති මනසක් නෑ..රෑට රෑට පැලවත්තේ එකතුවෙලා.. කියුබාවට පනින්න යන්නේ?
12:05


?