‘යුක්තිය’ මෙහෙයුම වහාම නවතා දමන්න, එක්සත් ජාතීන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලයි

මසකට වැඩි කාලයක් තුළ පුද්ගලයන් 30,000 කට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමට හේතු වූ මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම වන ‘යුක්තිය’ මෙහෙයුම වහාම නතර කරන ලෙස එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ විශේෂඥයින් කණ්ඩායමක් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබෙනවා.

ඊනියා ‘යුක්තිය’ මෙහෙයුම වහාම අත්හිටුවා සමාලෝචනය කරන ලෙසත් සෞඛ්‍ය හා මානව හිමිකම් මත පදනම් වූ ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව සඳහන්.

මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ට ද මානව හිමිකම් ඇති බවත්, ඔවුන් තවදුරටත් වෙනස් නොකොට සැලකීම සහ අපකීර්තියට මුහුණ නොදී ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමට සුදුසු බවයි එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ විශේෂඥයින් කණ්ඩායම පෙන්වා දෙන්නේ.

සමාජ-ආර්ථික කණ්ඩායම්වලින් මත්ද්‍රව්‍ය වැරදිකරුවන් දහස් ගණනක් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ සිය ගණනක්, හමුදා විසින් පවත්වාගෙන යනු ලබන අනිවාර්ය පුනරුත්ථාපන මධ්‍යස්ථානවල රඳවා තබාගැනීම පිළිබඳ වාර්තා වූ සිද්ධීන් ඔවුන් හෙළා දකිනවා.

‘යුක්තිය’ නම් වූ ආරක්ෂක මෙහෙයුමේ දී වධහිංසා පැමිණවීම් සහ අයහපත් සැලකීම් වාර්තා වන බවයි ඉහළ පෙළේ විශේෂඥයින් කණ්ඩායම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඖෂධ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ ස්වයං පාලනයට සහ දැනුවත් කැමැත්තට ගරු කරමින් පුනරුත්ථාපනය සිදුකළ යුත්තේ හානිය අවම කිරීමේ දෘෂ්ටිකෝණයකින් බව ඔවුහු අවධාරණය කරනවා.

අනිවාර්ය පුනරුත්ථාපන මධ්‍යස්ථාන වහා වසා දැමිය යුතු අතර, ඒ වෙනුවට ස්වේච්ඡා, සාක්ෂි පදනම් වූ, අයිතිවාසිකම් පදනම් වූ සහ ප්‍රජා පදනම් වූ සමාජ සේවා මගින් ප්‍රතිස්ථාපනය කළ යුතු බව සඳහන් කර ඔවුන් ඒ සඳහා තාක්ෂණික සහයෝගීතාව සැපයීමට සූදානම්ව සිටින බව ද සඳහන් කරනවා.

ඊට අමතරව ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට හා ප්‍රමිතීන්ට අනුකූලව මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් වත්මන් නීති සම්පාදනය සමාලෝචනය කරන ලෙසත්, මත්ද්‍රව්‍ය පාලනය සහ ප්‍රතිකාර ක්‍රියාකාරකම් සඳහා සන්නද්ධ හමුදා සම්බන්ධ වීම නවතා දමන ලෙසත් ඔවුන් රජයෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
10
+1
2
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?