‘යුක්තිය’ මෙහෙයුම වහාම නවතා දමන්න, එක්සත් ජාතීන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලයි

මසකට වැඩි කාලයක් තුළ පුද්ගලයන් 30,000 කට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමට හේතු වූ මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම වන ‘යුක්තිය’ මෙහෙයුම වහාම නතර කරන ලෙස එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ විශේෂඥයින් කණ්ඩායමක් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබෙනවා.

ඊනියා ‘යුක්තිය’ මෙහෙයුම වහාම අත්හිටුවා සමාලෝචනය කරන ලෙසත් සෞඛ්‍ය හා මානව හිමිකම් මත පදනම් වූ ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව සඳහන්.

මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ට ද මානව හිමිකම් ඇති බවත්, ඔවුන් තවදුරටත් වෙනස් නොකොට සැලකීම සහ අපකීර්තියට මුහුණ නොදී ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමට සුදුසු බවයි එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ විශේෂඥයින් කණ්ඩායම පෙන්වා දෙන්නේ.

සමාජ-ආර්ථික කණ්ඩායම්වලින් මත්ද්‍රව්‍ය වැරදිකරුවන් දහස් ගණනක් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ සිය ගණනක්, හමුදා විසින් පවත්වාගෙන යනු ලබන අනිවාර්ය පුනරුත්ථාපන මධ්‍යස්ථානවල රඳවා තබාගැනීම පිළිබඳ වාර්තා වූ සිද්ධීන් ඔවුන් හෙළා දකිනවා.

‘යුක්තිය’ නම් වූ ආරක්ෂක මෙහෙයුමේ දී වධහිංසා පැමිණවීම් සහ අයහපත් සැලකීම් වාර්තා වන බවයි ඉහළ පෙළේ විශේෂඥයින් කණ්ඩායම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඖෂධ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ ස්වයං පාලනයට සහ දැනුවත් කැමැත්තට ගරු කරමින් පුනරුත්ථාපනය සිදුකළ යුත්තේ හානිය අවම කිරීමේ දෘෂ්ටිකෝණයකින් බව ඔවුහු අවධාරණය කරනවා.

අනිවාර්ය පුනරුත්ථාපන මධ්‍යස්ථාන වහා වසා දැමිය යුතු අතර, ඒ වෙනුවට ස්වේච්ඡා, සාක්ෂි පදනම් වූ, අයිතිවාසිකම් පදනම් වූ සහ ප්‍රජා පදනම් වූ සමාජ සේවා මගින් ප්‍රතිස්ථාපනය කළ යුතු බව සඳහන් කර ඔවුන් ඒ සඳහා තාක්ෂණික සහයෝගීතාව සැපයීමට සූදානම්ව සිටින බව ද සඳහන් කරනවා.

ඊට අමතරව ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට හා ප්‍රමිතීන්ට අනුකූලව මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් වත්මන් නීති සම්පාදනය සමාලෝචනය කරන ලෙසත්, මත්ද්‍රව්‍ය පාලනය සහ ප්‍රතිකාර ක්‍රියාකාරකම් සඳහා සන්නද්ධ හමුදා සම්බන්ධ වීම නවතා දමන ලෙසත් ඔවුන් රජයෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
10
+1
2
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23