යුක්තියේ මෙහෙයුමකට ගිය තලාව පොලිස් ස්ථානාධිපතිවරයාට දරුණු ප්‍රහාරයක් (වීඩියෝ හා ඡායාරූප)

තලාව, සුමුදුගම ප්‍රදේශයේ වැටලිමකට ගිය තලාව පොලිස් ස්ථානාධිපතිවරයාට පුද්ගලයෙකු විසින් පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ඔහු මෙම ප්‍රහාරයට මුහුණ දී ඇත්තේ ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් නීති විරෝධී ව පවත්වාගෙන ගිය කසිප්පු පොළක් වැටලීමට ගිය අවස්ථාවේ දී යි.

තලාව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සුමුදුගම ප්‍රදේශයේ නීති විරෝධී ව පවත්වාගෙන ගිය කසිප්පු පොළක් වැටලීමට ගිය අවස්ථාවේ මත්පැන් ජාවාරම්කරුවා සහ ඔහුගේ හිතවතුන් පොලිස් නිලධාරින්ට බාධා කරමින් කලහකාරි ලෙස හැසිරී තිබෙනවා.

මේ හේතුවෙන් වැටලීමට ගිය පොලිස් නිලධාරින් ඒ බව තලාව පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම්දී තිබුණා.

අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් ස්ථානාධිපතිවරයා ගැටුම සමථයකට පත්කොට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට උත්සහා කිරිමේ දී පුද්ගලයෙකු විසින් ස්ථානාධිපතිවරයාට මන්නා පිහියකින් පහර දී තිබෙනවා.

ප්‍රහාරයෙන් තලාව පොලිස් ස්ථානාධිපතිවරයාගේ හිසට හා වම් අතට බරපතළ තුවාල සිදු වී ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පැමිණ සිටි පොලිස් නිලධාරීන් එක්ව වහාම පොලිස් ස්ථානාධිපතිවරයා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළා.

සිද්ධිය සම්බන්ධයෙන් සුමුදුගම ප්‍රදේශයේ වයස අවුරුදු 30 ත් 49 අතර වියේ පසුවන කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය වූ නිවස
සිද්ධියට සම්බන්ධ ප් රධාන සැකකරු
රෝහලේ ප් රථිකාර ලබන සැකකරු 02
රෝහලේ ප් රථිකාර ලබන සැකකරු 01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?