යුක්තියේ මෙහෙයුමකට ගිය තලාව පොලිස් ස්ථානාධිපතිවරයාට දරුණු ප්‍රහාරයක් (වීඩියෝ හා ඡායාරූප)

තලාව, සුමුදුගම ප්‍රදේශයේ වැටලිමකට ගිය තලාව පොලිස් ස්ථානාධිපතිවරයාට පුද්ගලයෙකු විසින් පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ඔහු මෙම ප්‍රහාරයට මුහුණ දී ඇත්තේ ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් නීති විරෝධී ව පවත්වාගෙන ගිය කසිප්පු පොළක් වැටලීමට ගිය අවස්ථාවේ දී යි.

තලාව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සුමුදුගම ප්‍රදේශයේ නීති විරෝධී ව පවත්වාගෙන ගිය කසිප්පු පොළක් වැටලීමට ගිය අවස්ථාවේ මත්පැන් ජාවාරම්කරුවා සහ ඔහුගේ හිතවතුන් පොලිස් නිලධාරින්ට බාධා කරමින් කලහකාරි ලෙස හැසිරී තිබෙනවා.

මේ හේතුවෙන් වැටලීමට ගිය පොලිස් නිලධාරින් ඒ බව තලාව පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම්දී තිබුණා.

අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් ස්ථානාධිපතිවරයා ගැටුම සමථයකට පත්කොට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට උත්සහා කිරිමේ දී පුද්ගලයෙකු විසින් ස්ථානාධිපතිවරයාට මන්නා පිහියකින් පහර දී තිබෙනවා.

ප්‍රහාරයෙන් තලාව පොලිස් ස්ථානාධිපතිවරයාගේ හිසට හා වම් අතට බරපතළ තුවාල සිදු වී ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පැමිණ සිටි පොලිස් නිලධාරීන් එක්ව වහාම පොලිස් ස්ථානාධිපතිවරයා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළා.

සිද්ධිය සම්බන්ධයෙන් සුමුදුගම ප්‍රදේශයේ වයස අවුරුදු 30 ත් 49 අතර වියේ පසුවන කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය වූ නිවස
සිද්ධියට සම්බන්ධ ප් රධාන සැකකරු
රෝහලේ ප් රථිකාර ලබන සැකකරු 02
රෝහලේ ප් රථිකාර ලබන සැකකරු 01


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32