AFC Banner
AFC Banner
Empty Ad

යුක්තියෙන් තවත් 730 ක් අත්අඩංගුවට

දීප ව්‍යාප්තව සිදුකරනු ලැබූ යුක්තියේ මෙහෙයුමෙන් ගතවූ පැය 24 තුළදී අපරාධකරුවන් 730 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 709 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 21 ක් මේ අතරට අයත් බවයි.

මෙලෙස අත්අඩංගුවට පත් අය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 255ක්, අයිස් ග්‍රෑම් 202ක්, ගංජා කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 500ක්, ගංජා පැළ 1,660ක්, මාවා ග්‍රෑම් 613ක්, මදන මෝදක ග්‍රෑම් 164ක්, මත්පෙති 7,376ක්,
තූල් ග්‍රෑම් 141ක් හා කුෂ් ග්‍රෑම් 466ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 709 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 07 ක්, රැදවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශනය සිදුකරන පුද්ගලයින් 22 ක්, වත්කම් විමර්ශන ආරම්භ කළ සැකකරුවන් 19 ක් හා පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද සැකකරුවන් 05 ක් ද සිටිනවා.

අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 21 දෙනා අතර, විෂ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 19 ක් හා විෂ මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් නිකුත් කර ඇති විවෘත වරෙන්තුකරුවන් 2 ක් ද සිටින බවයි පොලීසිය පවසන්නේ.

පාතාලය මැඩලීමේ යුක්තියේ මෙහෙයුම යටතේ ඊයේ (15) දිනයේද්ගී පමණක් ලේඛනගත පාතාල අපරාධකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව 2024.03.19 වන දිනෙන් ආරම්භ කළ යුක්තියේ මෙහෙයුම්වලදී ලේඛනගත පාතාල අපරාධකරුවන් 416 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?