යාල ජාතික වනෝද්‍යාන පිවිසුමේ සිට වැල්මල්කෙම ප්‍රදේශය දක්වා ගමන් කරමින් තිබූ සංචාරකයින් රැගත් ජීප් රථයකට වනඅලියෙක්ගේ ප්‍රහාරයක් ඉල්ලවී තිබේ.
අද (09) පෙරවරුවේ එම ප්‍රහාරය එල්ලවී ඇති අතර ප්‍රංශ ජාතික සිව්දෙනෙක් එම අවස්ථාවේදී ජීප් රථයේ සිට ඇත.
නන්දිමිත්‍ර නම් දළ හස්තියා එලෙස ජීප් රථයට පහරදී ඇති බව වාර්තා විය.
පහරදීමෙන් ජීප් රථයට දැඩි හානි සිදුවී ඇත.
නන්දිමිත්‍ර හස්තියා වැල්මල්කෙම ප්‍රදේශයේ සැරිසරන බවට තවත් ජීප් රථයකින් ලබාදුන් දුරකථන ඇමතුමක් මත මෙම ජීප් රථය හස්තියා නැරඹීම සඳහා එම ප්‍රදේශයට ගොස් තිබුණි.
මාර්ගය ඉතා පටුවීම හේතුවෙන් හස්තියා ඉදිරියට පැමිණෙන විට රථය හරවා ගැනීමට නොහැකිවී ඇති අතර එහිදී කෝපයට පත් හස්තියා පහරදීම සිදුකර ඇත.














