spot_imgspot_img
spot_img

යාපනය සරසවියේ සිසුන් 4 කට පන්ති තහනම්

යාපනය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර වු ගැටුමකට සම්බන්ධවු සිසුන් සිව්දෙනෙකුගේ පන්ති තහනම් කොට ඇති බව යාපනය විශ්ව විද්‍යාල පාලක සභාව පවසයි.

යාපනය විශ්ව විද්‍යාල පාලක සභාව පැවසූවේ විශ්ව  විද්‍යාල කළමනාකරණ පීඨයේ ජ්‍යේෂ්ඨ සිසුන් හා නවක සිසුන් දෙපිරිසක් අතර වු ගැටමක් සම්බන්ධයෙන් වන පරීක්ෂණයක් මත අදාළ විශ්ව විද්‍යාල සිසුන් සිව් දෙනෙකු වෙත නැවත දැනුම්දෙන තුරු පන්ති තහනම් කොට ඇති බවයි.

පසුගිය 21 වැනිදා යාපනය තිරුනෙල්වේලි පිහිටි යාපනය,විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙපිරිසක් අතර ගැටුම හටගෙන තිබිණ.

විශ්ව විද්‍යාලයේ සිව්වන වසර සිසුන් තිදෙනෙකුගේ හා පළමු වසර සිසුවෙකුගේ පන්ති තහනම් කොට ඇති බවද විශ්ව විද්‍යාල පාලක සභාව සඳහන් කළහ.

විශ්ව විද්‍යාල පාලක සභාව පැවසූවේ ගැටුම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා සිසුන් වෙත දඩුවම් පැනවීමට නියමිත බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?