Empty Ad
Empty Ad
 Empty Ad

යාපනයේ සරසවි සිසුන් 31 දෙනෙකුට පන්ති තහනමක්

යාපනය විශ්වවිද්‍යාලයේ දෙවන හා තෙවන වසර සිසුන් 31 දෙනෙකු සඳහා නැවත දැනුම් දෙනතුරු පන්ති තහනමක් පනවා තිබෙනවා.

කළමනාකරණ අධ්‍යයන හා ව්‍යාපාර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් මෙම සිසුන් 31 දෙනාට මෙලෙස පන්ති තහනමක් පනවා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 31 වැනිදා පැවති ක්‍රීඩා තරඟයක් අතරතුර මෙම සිසුන් දෙපාර්ශ්වය අතර ගැටුමක් හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම ගැටුමෙන් එක් සිසුවකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

කළමනාකරණ අධ්‍යයන හා ව්‍යාපාර පීඨයේ දෙවන වසර සිසුන් 16 දෙනෙකු සහ තෙවන වසර සිසුන් 15 දෙනෙකු එලෙස පංති තහනමට ලක්කළ බව සඳහන්.

පන්ති තහනමට ලක් වූ සිසුන්ට නේවාසිකාගාර වෙත හා විශ්ව විද්‍යාලයේ අධ්‍යන අංශ වෙත ඇතුළුවීම ද තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිව්වා වගේ වැට් එක බිංදුවට අඩුකරනවා
03:55
Video thumbnail
අයියයි මල්ලියි එකම තැන අවසන් ගමන් ගිය අනතුර
02:31
Video thumbnail
සජිත් හමුවෙන්න ආ IMF නියෝජිතයින්
01:55
Video thumbnail
අතීතය පැත්තක තියන්න - ජනපතිගෙන් සුපිරි කතාවක්
02:43
Video thumbnail
නව ආණ්ඩුවෙන් දැඩි තීරණයක්
06:24
Video thumbnail
අපි කොහොමද ජීවිතයේ සතුටින් ඉන්නේ ?
03:41
Video thumbnail
නාඩු සහල් නැති එක බරපතල ප්‍රශ්නයක් - ලාල් කාන්තගෙන් මහනුවර ජනතාවට පොරොන්දුවක්
09:58
Video thumbnail
විපක්ෂ නායක පුටුවේ ඉඳගෙන මෝඩකම ප්‍රදර්ශනය කරපු දොස්තර ඊයේ Live ඇවිල්ලා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය
04:12
Video thumbnail
ඡන්දෙට කලින් කිව්වේ එකක් - දැන් කියන්නේ තව එකක් - කැන්ටිමේ කන්න තිබේබේ වෙනදා කෑම ටිකමයි
06:29
Video thumbnail
KASTHIRAMA | සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන සහ පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජයගොඩ සහභාගීවන කස්තිරම
01:28:05

?