යාපනයේ සරසවි සිසුන් 31 දෙනෙකුට පන්ති තහනමක්

යාපනය විශ්වවිද්‍යාලයේ දෙවන හා තෙවන වසර සිසුන් 31 දෙනෙකු සඳහා නැවත දැනුම් දෙනතුරු පන්ති තහනමක් පනවා තිබෙනවා.

කළමනාකරණ අධ්‍යයන හා ව්‍යාපාර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් මෙම සිසුන් 31 දෙනාට මෙලෙස පන්ති තහනමක් පනවා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 31 වැනිදා පැවති ක්‍රීඩා තරඟයක් අතරතුර මෙම සිසුන් දෙපාර්ශ්වය අතර ගැටුමක් හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම ගැටුමෙන් එක් සිසුවකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

කළමනාකරණ අධ්‍යයන හා ව්‍යාපාර පීඨයේ දෙවන වසර සිසුන් 16 දෙනෙකු සහ තෙවන වසර සිසුන් 15 දෙනෙකු එලෙස පංති තහනමට ලක්කළ බව සඳහන්.

පන්ති තහනමට ලක් වූ සිසුන්ට නේවාසිකාගාර වෙත හා විශ්ව විද්‍යාලයේ අධ්‍යන අංශ වෙත ඇතුළුවීම ද තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38