spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යාපනයේ සරසවි සිසුන් 31 දෙනෙකුට පන්ති තහනමක්

යාපනය විශ්වවිද්‍යාලයේ දෙවන හා තෙවන වසර සිසුන් 31 දෙනෙකු සඳහා නැවත දැනුම් දෙනතුරු පන්ති තහනමක් පනවා තිබෙනවා.

කළමනාකරණ අධ්‍යයන හා ව්‍යාපාර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් මෙම සිසුන් 31 දෙනාට මෙලෙස පන්ති තහනමක් පනවා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 31 වැනිදා පැවති ක්‍රීඩා තරඟයක් අතරතුර මෙම සිසුන් දෙපාර්ශ්වය අතර ගැටුමක් හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම ගැටුමෙන් එක් සිසුවකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

කළමනාකරණ අධ්‍යයන හා ව්‍යාපාර පීඨයේ දෙවන වසර සිසුන් 16 දෙනෙකු සහ තෙවන වසර සිසුන් 15 දෙනෙකු එලෙස පංති තහනමට ලක්කළ බව සඳහන්.

පන්ති තහනමට ලක් වූ සිසුන්ට නේවාසිකාගාර වෙත හා විශ්ව විද්‍යාලයේ අධ්‍යන අංශ වෙත ඇතුළුවීම ද තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?