යාපනයේ රජවරු අවසන් මහා තරගයට – LPL අවසන් ගැටුම අද රාත්‍රියේ

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට උටේ (20) රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඒ, දෙවන අවසන් පූර්ව තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම තියුණු සටනකින් පසු පරාජය කරමින්.

කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පරාජය කරමින් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම මෙම තරග ජයගත්තේ එක් ලකුණකින්.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංග පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට ආරාධනා කළා.

ඒ, ආරාධනයෙන් පිටියට පිවිසි ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 187ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී ගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 105ක් රැස් කිරීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 188 ඉලක්කයක් හඹා ගිය කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 186ක් පමණයි.

අවසන් පන්දුවාරයේ දී තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 17ක ඉලක්කයක් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට හිමි වූ අතර, කෙසේ වෙතත් එම පන්දුවාර ලකුණු 16කට සීමා කරන්නට අසිත ප්‍රනාන්දුට හැකියාව ලැබුණා.

පන්දු යැවීමේ දී ජැෆ්නා කින්ග්ස් වෙනුවෙන් ෆේබියන් ඇලන් කඩුලු 04ක් සහ විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු 03ක් දව ගැනීමට සමත් වුණා.

ඒ, අනුව මෙම තරගය ජයග්‍රහණය කළ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම අද (21) පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා සුදුකම් ලැබුවා.

2024 එල්.පී.එල්. තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රියේ ජැෆ්නා කින්ග්ස් සහ ගෝල් මාවල්ස් අතර පැවැත් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
5
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07