AFC Banner
Empty Ad
Empty Ad

“යාගි” වියට්නාමයේ එකම පවුලේ සිව්දෙනෙක් බිලිගනී

වියට්නාමයට බලපෑ යාගි සුළි කුණාටුවෙන් පසු ඇති වූ නාය යෑමකින් එකම පවුලේ සිව් දෙනෙකු මියගොස් තිබෙනවා.

එරට මාධ්‍ය පවසන්නේ, උතුරු වියට්නාමයේ කඳුකරයේ Hoa Binh පළාතේ මෙම ඛේදවාචකය සිදු වූ බවයි.

මේ වසරේ ආසියාවේ ප්‍රබලතම සුළි කුණාටුව වන යාගි හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් තවත් 176 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය පවසනවා.

එහෙත් කුණාටුව බටහිර දෙසට ගමන් කරන බැවින් ගංවතුර සහ නායයෑම් තවදුරටත් අවදානම් තත්ත්වයක පවතින බවයි එරට බලධාරීන් පවසන්නේ.

යාගී සුළි කුණාටුව වියට්නාමට ඇතුළු වීමෙන් පසුව Hai Phong සහ Quang Ninh පළාත්වලට පැයට කිලෝමීටර් 203 දක්වා සුළඟක් පැවති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?