යහපාලන සමයේ ඇමතිකමේ හිටි චන්ද්‍රානිට එරෙහි අල්ලස් නඩුව 28 වැනිදා කැඳවයි

යහපාලන රාජ්‍ය පාලන සමයේ දී කාන්තා, ළමා කටයුතු හා වියළි කලාප අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් සිටියදී සිය අමාත්‍ය ධුරයේ බලතල අයුතු ලෙස යොදවා දූෂණය යන වැරදි සිදු කළේ යැයි චෝදනා එල්ල වී ඇති හිටපු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මියට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුව ලබන 28 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර අද (18) නියෝග කළා.

2019 -01-14 හා 2019-01-31 වැනිදා කාලය තුළ දී සිය හිතවතෙකු වන ඒ. එම්. චන්ද්‍රවංශ නමැත්තාව වියළි කලාප ව්‍යාපෘති‍යේ අධ්‍යක්ෂවරයා ලෙසත් තවත් හිතවතුන් පිරිසක් එම ව්‍යාපෘතියේ කළමනාකාර ධුරය ඇතුළු වෙනත් තනතුරුවලට පත් කිරීමට අමාත්‍යාංශය ලේකම්වරයා පෙළඹවීම ඇතුළු චෝදනා 11ක් යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා කොමිෂන් සභාව එම නඩුව පවරා තිබුණා.

පැමිණිල්ල විසින් විත්තියට ලබා දිය යුතු නඩු කටයුත්තට අදාළ ලේඛන භාරදීම සඳහා එම නඩුව ලබන 28 වැනිදා කැඳවීමට විනිසුරුවරයා නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?