යහපාලන සමයේ ඇමතිකමේ හිටි චන්ද්‍රානිට එරෙහි අල්ලස් නඩුව 28 වැනිදා කැඳවයි

යහපාලන රාජ්‍ය පාලන සමයේ දී කාන්තා, ළමා කටයුතු හා වියළි කලාප අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් සිටියදී සිය අමාත්‍ය ධුරයේ බලතල අයුතු ලෙස යොදවා දූෂණය යන වැරදි සිදු කළේ යැයි චෝදනා එල්ල වී ඇති හිටපු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මියට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුව ලබන 28 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර අද (18) නියෝග කළා.

2019 -01-14 හා 2019-01-31 වැනිදා කාලය තුළ දී සිය හිතවතෙකු වන ඒ. එම්. චන්ද්‍රවංශ නමැත්තාව වියළි කලාප ව්‍යාපෘති‍යේ අධ්‍යක්ෂවරයා ලෙසත් තවත් හිතවතුන් පිරිසක් එම ව්‍යාපෘතියේ කළමනාකාර ධුරය ඇතුළු වෙනත් තනතුරුවලට පත් කිරීමට අමාත්‍යාංශය ලේකම්වරයා පෙළඹවීම ඇතුළු චෝදනා 11ක් යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා කොමිෂන් සභාව එම නඩුව පවරා තිබුණා.

පැමිණිල්ල විසින් විත්තියට ලබා දිය යුතු නඩු කටයුත්තට අදාළ ලේඛන භාරදීම සඳහා එම නඩුව ලබන 28 වැනිදා කැඳවීමට විනිසුරුවරයා නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39