AFC Banner
AFC Banner
Empty Ad

යතුරුපැදි අනතුරකින් පොලිස් නිලධාරියෙක් ඇතුලු දෙදෙනෙක් ජීවිතක්ෂයට

ඒ 09 මාර්ගයේ වව්නියාව ශාන්තසොලේ හන්දිය ආසන්නයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් පොලිස් නිලධාරියෙකු ඇතුලු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

වව්නියාව දෙස සිට යාපනය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කිරීමේදී ප්‍රති විරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙනුයි ඊයේ මෙම අනතුර සිදුවී ඇත්තේ.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරුවන් වව්නියාව රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මියගොස් ඇති පොලිස් නිලධාරියා වැලිඔය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක්.

ඔහු අක්කරායන්කුලම් පොලිසියේ විශේෂ කාර්යාංශයට අනුයුක්තව සේවය කළ අයෙක්. අනෙක් පුද්ගලයා ශාන්තසෝලෙයි ප්‍රදේශයේම පදිංචි 63 හැවිරිදි අයෙක්.

පැවති වර්ෂා සහිත කාලගුණික තත්ත්වය හමුවේ යතුරුපැදිවල වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම අනතුරට හේතුව බවටයි පොලිසිය සැක කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
6
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?