යතුරුපැදි අනතුරකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට

හයිලෙවල් මාර්ගයේ මාකුඹුර ප්‍රදේශයේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ උදෑසන මෙම අනතුර සිදුවී ඇත්තේ කොට්ටාව සිට හෝමාගම දෙසට ධාවනය වූ යතුරුපැදිය ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වූ බස් රථයක ගැටීමෙන්.

බරපතල තුවාල ලැබූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා හෝමාගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.

ඔහු පානදුර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙක් වන අතර හෝමාගම පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ රාජකාරී කරමින් සිටි බවයි පොලිසිය සඳහන් කළේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු සිරුර ඥාතීන් වෙත භාරදී තිබෙනවා.

අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර හෝමාගම පොලිසියයි පරීක්ෂණ සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
5
+1
0
+1
10
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?