AFC Banner
AFC Banner
Empty Ad

යට ඇදුමේ සඟවා අධිකරණයට දුම්කොළ රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට

ප්‍රධාන දොරටුවෙන් කළුතර මහාධිකරණ පරිශ්‍රයට ඇතුල්වීමට පැමිණි පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී යට ඇඳුමේ දුම්කොල දෙකක් සඟවාගෙන සිට අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුත්ගම ,දර්ගානගරය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්.

කළුතර මහාධිකරණයේ ප්‍රධාන දොරටුවේ රාජකාරියේ යෙදීසිටී පොලිස් නිලධාරියාට සැකසිතී, මෙම තරුණයා පරීක්ෂා කිරීමේදී සූක්ෂම ලෙස අසුරා යට ඇඳුමේ සඟවාගෙන තිබූ අගල් 15 ක් පමණ දිගැති දුම්කොල කැබලි දෙකක් සොයාගෙන තිබෙනවා.

බන්ධනාගාරවල සිට කළුතර අධිකරණයට රැගෙන එන රැඳවියන්ට ලබාදීමට එම දුම්කොල රැගෙනවිත් ඇති බවටයි සැක කෙරෙන්නේ.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?