යට ඇදුමේ සඟවා අධිකරණයට දුම්කොළ රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට

ප්‍රධාන දොරටුවෙන් කළුතර මහාධිකරණ පරිශ්‍රයට ඇතුල්වීමට පැමිණි පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී යට ඇඳුමේ දුම්කොල දෙකක් සඟවාගෙන සිට අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුත්ගම ,දර්ගානගරය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්.

කළුතර මහාධිකරණයේ ප්‍රධාන දොරටුවේ රාජකාරියේ යෙදීසිටී පොලිස් නිලධාරියාට සැකසිතී, මෙම තරුණයා පරීක්ෂා කිරීමේදී සූක්ෂම ලෙස අසුරා යට ඇඳුමේ සඟවාගෙන තිබූ අගල් 15 ක් පමණ දිගැති දුම්කොල කැබලි දෙකක් සොයාගෙන තිබෙනවා.

බන්ධනාගාරවල සිට කළුතර අධිකරණයට රැගෙන එන රැඳවියන්ට ලබාදීමට එම දුම්කොල රැගෙනවිත් ඇති බවටයි සැක කෙරෙන්නේ.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි - රිලව් වගේ කෑගහුවාට බලය තියෙන්නේ පොඩි කාලයයි
21:09
Video thumbnail
අපිට විශ්වාසයි සංචාරක ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවක් ඇති වෙනවා - මෙතන කිසිම ගැටුමක් නෑ
05:34
Video thumbnail
ජලය නැතුව වන සතුන් අමාරුවේ - ජල මාර්ග සිඳී යයි
00:40
Video thumbnail
රනිල් රටේ ජනතාව නොමඟ යවනවා
03:06
Video thumbnail
දහස් ගණන් මිනිස්සු ගැවසෙන, පොලිසිය පේන දුරින් කාන්තාවක් ප්‍රසිද්ධියේම කුඩු ගස# හැටි..
00:36
Video thumbnail
ඇයි ජනපතිතුමා මේ රිපෝට් හැංගුවේ..?DV චානක ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි
08:58
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකමයි තාම යන්නේ
12:37
Video thumbnail
ලාල් කාන්තගේ කතාවට චාමර සම්පත් රිදෙන්නම දෙයි
07:49
Video thumbnail
22වන සංශෝධනය සමඟ මාලිමාවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එනවා - පොහොට්ටුවෙන් චෝදනා
05:54
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු අනතුරේ ඇත්ත කතාව එළියට - "ගිනිගයි කියන බයට පෙරලුවේ ඒක"
06:20