Empty Ad
AFC Banner
Empty Ad

යක්කලමුල්ල කැළඹූ “මිස් කෝල් පෙම්වතා“ පාසල් දැරියගේ ගෙදරට පැන කළ අපරාධය

මඟ හැරුණු ජංගම දුරකථන ඇමතුමකින් ඇතිකරගත් ප්‍රේම සම්බන්දතාවයක් මත පහළොස් හැවිරිදි බාලවයස්කාර දැරියකගේ නිවසට පැමිණ එම දැරිවිය දූෂණය කිරිමේ සිද්ධියට සම්බන්ධ පෙම්වතා අත්අඩංගුවට ගැනිම සදහා පුළුල් පරික්ෂණයක් ආරම්භකොට ඇති බව යක්කලමුල්ල පොලිසිය පවසයි.

මෙලෙස දූෂණයට ලක්ව තිබුණේ යක්කලමුල්ල ඇල්ලඉහල, එනසාල්වත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු පහළොවක් වූ පාසල් දැරියකි. 

මීට වසරකට පමණ ඉහතදී ඇයට ලැබුණු මිස් කෝල් එකක් මඟින් මෙම සැකකාර පෙම්වතා පාසල් දැරිය සමඟ ප්‍රේම සම්බන්දතාවයක් ගොඩනගා ගෙන ඇත. පෙම්වතා අකුරැස්ස බංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  

දැරියගේ මව් පියන් දෙදෙනාම කුලි වැඩකරණ අය වන අතර ඔවුන් කුලි වැඩවලට ගොස් සිටින අතරේ සැකකාර පෙම්වතා දැරියගේ නිවසට දින දෙකක් පැමිණ ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.  

එලෙස පැමිණි අවස්ථාවේ මෙම සැකකාර පෙම්වතා විසින් පාසල් දැරියව දුෂණයට ලක්කොට ඇත. 

අතවරයට ලක්වූ දැරිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකිරිමෙන් පසු දුෂණයට ලක්කොට ඇති බව තහවුරුවි ඇත. සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා යක්කලමුල්ල පොලිසිය පරික්ෂණ පවත්වයි.

ගාල්ල – ලලිත් චාමින්ද

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල අඩු වුණ නිසා අනතුරු වෙනවා වැඩියි ගැමුණු මාධ්‍ය හමුවේ රටටම කියයි
Video thumbnail
කාලෙකට පස්සේ සජබේ ප්‍රසාද් කරපු සුපිරි කතාව
27:34
Video thumbnail
මාලිමා රැළියකටවත් නැති සෙනඟක් නාමල්ගේ රැළියේ
05:01
Video thumbnail
ත්‍රී රෝද රථ සංගම් ආණ්ඩුවට දාපු සද්දේ - තෙල් අඩු කළාට ත්‍රීවිල් ගාස්තු අඩු කරන්නේ නෑ
08:01
Video thumbnail
ෂෙඩ්වල පෝලිම් - මිනිස්සු යකා නටයි - ආණ්ඩුවට ### කියලා බනියි
00:59
Video thumbnail
සජිත්ව ළඟ තියාගෙන හිරුණිකා අමතයි - හිරුණිකාගේ කතාවට සජිතුත් හොල්මන්
16:13
Video thumbnail
ෂෙඩ්වල පෝලිම් - මිනිස්සු යකා නටයි - ආණ්ඩුවට ### කියලා බනියි
06:28
Video thumbnail
වාහන 04ක් එකිනෙක ගැටුණු බිහිසුණු අනතුරේ සජීවී දර්ශන
04:57
Video thumbnail
අඩු වූ ප්‍රෙට්‍රල් මිල ගැන මිනිස්සු කියන කතා මෙන්න
06:57
Video thumbnail
සජිත් වේදිකාව දෙක කරමින් කරපු කතාව
17:43

?