මෝල්ටා සංචාරක කණ්ඩායමක් පළමුවරට ශ්‍රී ලංකාවට (ඡායාරූප)

මෝල්ටා රාජ්‍යයේ සිට විශාල පිරිසකගෙන් සමන්විත සංචාරකයින්ගේ කණ්ඩායමක් අද (27) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියා.

උදෑසන 08.20ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ- 650 දරණ ගුවන් යානයෙන් එම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි ගුවන්ත්පොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

මෝල්ටා සංචාරකයින් කණ්ඩායමක් මෙරට සංචාරයක් සඳහා පැමිණි පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.

50 දෙනෙකුගෙන් සමන්විත මෙම මෝල්ටා සංචාරකයන් පිරිස ශ්‍රී ලංකාව තුළ දින 12ක් රැඳී සිටීමට නියමිතයි.

එහිදී ඔවුන් මීගමුව, සීගිරිය, දඹුල්ල, කවුඩුල්ල ජාතික වනෝද්‍යානය, මහනුවර, නුවරඑළිය, හෝටන්තැන්න, යාල සහ දුම්රිය මගින් ඇල්ල දක්වා ද සංචාරය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එරට සංචාරක නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාව තුළ අධ්‍යයන චාරිකාවක නිරත වීමෙන් පසු ශ්‍රී ලංකාව සංචාරය සදහා සුදුසු සහ ලාභදායී රටක් බවට ඔවුන් මෝල්ටාව තුළ නිර්දේශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට පැමිණි මෙම සංචාරක පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ගුවන්තොටුපොළේ දී චාම් පිළිගැනීමේ උත්සවයක් ද සංවිධානය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?