අගමැති මෝදි සයිප්‍රස් ජනාධිපති නිකොස් ක්‍රිස්ටෝඩොලිඩස් සමඟ නියෝජිත මට්ටමේ සාකච්ඡා පවත්වයි
ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීම සඳහා කරුණු ගණනාවක් සාකච්ඡා කිරීම සඳහා අගමැති නරේන්ද්‍ර මෝදි හා සයිප්‍රස් ජනාධිපති නිකොස් ක්‍රිස්ටෝඩවුලයිඩ්ස් අතර රාජ තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා පැවැත්වුණා.
අගමැති මෝදි මේ වන විට (ජුනි 17) සයිප්‍රසයේ සංචාරයක නිරත වන අතර එය ඔහුගේ ත්‍රි-ජාතීන් සංචාරයේ පළමු අදියරයි.
දශක දෙකකට වැඩි කාලයකට පසු ඉන්දීය අගමැතිවරයෙකු සයිප්‍රසයට කළ පළමු සංචාරය ද මෙය වනවා.
සාකච්ඡාවලට පෙර ජනාධිපති මන්දිරයට පැමිණි මෝදි හට ඉහළ පෙළේ පිළිගැනීමක් ද සිදු වුණා.
එමෙන්ම මෙම හමුවෙන් පසුව සයිප්‍රසයෙන් අගමැති මෝදිට ඉහළම සිවිල් සම්මානයක් ද පිරිනැමුණා.
අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට මෙම සම්මානය හිමිවූයේ ඉන්දියාව සහ සයිප්‍රසය අතර මිත්‍රත්වයට සිය සහාය ලබාදීමේ ප්‍රතිඵලයක් ලෙසයි.
අගමැති නරේන්ද්‍ර මෝදිට සයිප්‍රසයෙන් පිරිනැමුණේ; ඉහළම සිවිල් ගෞරවය වන ‘ග්‍රෑන්ඩ් ක්‍රොස් ඔෆ් ද ඕඩර් ඔෆ් මැකරියෝස් III’ සම්මානය බවත් වාර්තා වනවා.
විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර්, විදේශ ලේකම් වික්‍රම් මිස්රි සහ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් යන මහත්වරු ද මෙම සංචාරයට එක්ව සිටිනවා.





