ඉන්දීය මහ මැතිවරණයෙන් ජයගත් නරේන්ද්‍ර මෝදි යළිත් වරක් ඉන්දියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (09) උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.
ජනාධිපතිවරයා අද (09) උදෑසන 08.32ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි – 282 දරණ ගුවන් යානයෙන් නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බවයි ගුවන් තොටුපොළ වාර්තා සඳහන් කළේ.
ජනාධිපතිවරයා සමඟ ශ්‍රී ලාංකික ධූත පිරිසක් ද මෙම නිල සංචාරය සඳහා එක්ව සිටින අතර, එම රාජතාන්ත්‍රික පිරිස රැගත් ගුවන් යානය දහවල් 11.40 වනවිට නවදිල්ලි නුවර ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට නියමිතයි.
නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස යළිත් වරක් අද (09) දිනයේ දිවුරුම්දීමට නියමිතයි.