මෝටර් රථයක් දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට (ඡායාරූප)

මාතර සිට නුවර බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ, මෝටර් රථයක් ගැටීමෙන් අද (06) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් මෝටර් රථයේ සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මාතර, කඹුරුගමුව, බොරාල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 41ක දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරින් පසු තුවාල ලැබූ මෝටර් රථයේ සිටි පුද්ගලයා ප්‍රදේශවාසීන් එක්ව රෝහල් ගතකර ඇති අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම පුද්ගලයාට වයස අවුරුදු දෙකක් කුඩා දරුවෙක් ද සිටින අතර, බිරිඳට තවත් දරුවෙක් ලැබීමට සිටින බවයි වාර්තා වුණේ.

කොටවිල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?