මෝටර් රථයක් දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට (ඡායාරූප)

මාතර සිට නුවර බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ, මෝටර් රථයක් ගැටීමෙන් අද (06) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් මෝටර් රථයේ සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මාතර, කඹුරුගමුව, බොරාල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 41ක දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරින් පසු තුවාල ලැබූ මෝටර් රථයේ සිටි පුද්ගලයා ප්‍රදේශවාසීන් එක්ව රෝහල් ගතකර ඇති අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම පුද්ගලයාට වයස අවුරුදු දෙකක් කුඩා දරුවෙක් ද සිටින අතර, බිරිඳට තවත් දරුවෙක් ලැබීමට සිටින බවයි වාර්තා වුණේ.

කොටවිල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01