මොළය මියගිය පුද්ගලයින්ගෙන් තවත් ජීවිත රැකගන්නා කටයුත්තකට ගිවිසුම් ගතවෙයි

හදිසි අනතුරැ හා අපදාවන්ට ලක්ව මොළය මියගිය පුද්ගලයින්ගේ අවයව වෙනත් පුද්ගලයකුට බද්ධ කිරීම සදහා ගුවනින් ප්‍රවාහනය කිරීමට අදාළ වූ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය දා අත්සන් තැබුවා.

ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතියට යටත්ව මෙම අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇති අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙනුවෙන් එහි ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත විසින් අත්සන් තැබිම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

හදිසි ආපදාවකින් හෝ අනතුරකින් මොළය මියගිය පුද්ගලයෙකු,භාරකරුවන්ගේ කැමැත්ත මත ඔහුගේ වැදගත් ශරීර අවයව ලබාගැනීමට ඉතා ඉක්මනින් රොහලක් වෙත ගුවන් මගින් ඉතා ආරක්ෂිතව ප‍්‍රවාහනය කිරීම මෙහිදි මූලික වශයෙන් සිදුකරනු ලබනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම මත අත්සන් තබන ලද මෙම ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් C-130, AN-32, MA-60, Y-12, MI-17, Bell-412, Bell-212 සහ Bell-206 යන ගුවන් යානා මඟින් මෙම රෝගී පුද්ගලයන් හා අවයව ප්‍රවාහන කටයුතු සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?