මොළය මියගිය තරුණයා ජීවිත තුනකට පණදෙයි

හදිසි අනතුරකට ලක්ව ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොළය මියගිය බවට වෛද්‍යවරුන් තහවුරු කළ 19 හැවිරිදි තරුණයකුගේ අක්මාව හා වකුගඩු මරණාසන්න රෝගීන් තිදෙනකුට බද්ධකර ඇත. එමගින් ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට වෛද්‍යවරුන් කණ්ඩායම ඊයේ (20 වැනිදා) සමත්ව තිබේ.

අක්මා බද්ධය කොළඹ ජාතික රෝහලේද වකුගඩු බද්ධ කිරීම් දෙක මහනුවර ජාතික රෝහලේදී සහ අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදුකර ඇත.

මෙලෙස රෝගීන් තිදෙනකුගේ ජීවිත බේරාගැනීම සඳහා ශරීර අවයව ලබාගෙන ඇත්තේ මාවනැල්ලේ පදිංචි පසිඳු ගිම්හාන් රත්නායක නමැති තරුණයාගෙනි.

මාවනැල්ල හෙම්මාතගම පදිංචි මෙම තරුණයා තම මව,නැගණිය හා ඇයගේ දරුවන් සමඟ මිත්තණිය බැලීමට ත්‍රිරෝද රථයකින් ත්‍රිකුණාමලය බලා පසුගිය 16 වැනිදා ගමන් ගනිමින් සිටියදී ඔහු පැදවූ ත්‍රිරෝද රථය වෑන් රථයක ගැටී ඇත. ඉන් බරපතළ තුවාල ලත් තරුණයා ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර තිබේ.

මෙහි දැඩි සත්කාර ඒකකයේ යන්ත්‍ර මගින් හෘද ස්පන්ධනය පවත්වාගෙන යද්දී තරුණයාගේ මොළය මියගිය බව වෛද්‍යවරු තහවුරු කිරීමෙන් පසු ඔහුගේ අක්මාව හා වකුගඩු දෙක තවත් ජීවිත තුනක් බේරා ගැනීම සඳහා පරිත්‍යාග කිරීමට මව කැමැත්ත පළකර ඇත.

ඒ අනුව ත්‍රිකුණාමලය රෝහලේ වෛද්‍යවරුන්ගේ දැඩි කැපවීම මත තරුණයාගේ අවයව ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදු කිරීමෙන් පසු අක්මාව කොළඹ රෝහලටත් වකුගඩු මහනුවර හා අනුරාධපුර රෝහල්වලටත් කඩිනමින් රැගෙන ගොස් අදාළ බද්ධ කිරීම් කර තිබේ.

මහනුවර ජාතික රෝහලට වකුගඩුව ගෙන ඒමෙන් පසු එය 33 හැවිරිදි පුද්ගලයෙකුට බද්ධ කිරීමේ සැත්කම විශේෂඥ ශල්‍ය වෛද්‍ය පී.ආර් හරිශ්චන්ද්‍ර මහතා සිදුකර ඇත. කොළඹ ජාතික රෝහලේ අක්මා බද්ධය විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් වන රුවන් දිසානායක සහ රොහාන් සිරිසේන යන මහත්වරු විසින්ද අනුරාධපුර රෝහලේ වකුගඩු බද්ධය විශේෂඥ වෛද්‍ය අවන්ත මාරසිංහ මහතා විසින්ද සිදුකර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
52
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09