මොහොමඩ් ඊබ්‍රහිම්ගේ පුත්‍රයාට ඇප නැති වෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට තොරතුරු දැන සිටිය දී එය ආරක්ෂක අංශවලට වසන් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දෙමටගොඩ මහවිල උද්‍යානය පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් මහතාගේ පුත්‍රයකු වන ඉස්මයිල් අහමඩ් නමැත්තාගේ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කලා.

ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා කියා සිටියේ මෙම විත්තිකරුට ඇප ලබා දීමට තරම් සුවිශේෂ කරුණු කිසිවක් අනාවරණය නොවන බවයි.

ඒ අනුව ඇප ඉල්ලීම ඉවත දමන බවයි විනිසුරුවරයා සඳහන් කළේ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ඔහුගේ පුතුන් දෙදෙනා වන හිජාස් අහමඩ් සහ ඉස්මයිල් අහමඩ් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබෙනවා.

නමුත් මොහොමඩි ඊබ්‍රහිම් සහ ඔහුගේ පුත්‍රයකු වන හිජාස් අහමඩ් මේ වන විට අධිකරණය මගින් ඇප මත මුදාහැර තිබෙනවා.

මෙම විත්තිකරුවන් තුන් දෙනාට අදාළ නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සැප්තැම්බර් මස 22 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22