මොහොමඩ් ඊබ්‍රහිම්ගේ පුත්‍රයාට ඇප නැති වෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට තොරතුරු දැන සිටිය දී එය ආරක්ෂක අංශවලට වසන් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දෙමටගොඩ මහවිල උද්‍යානය පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් මහතාගේ පුත්‍රයකු වන ඉස්මයිල් අහමඩ් නමැත්තාගේ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කලා.

ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා කියා සිටියේ මෙම විත්තිකරුට ඇප ලබා දීමට තරම් සුවිශේෂ කරුණු කිසිවක් අනාවරණය නොවන බවයි.

ඒ අනුව ඇප ඉල්ලීම ඉවත දමන බවයි විනිසුරුවරයා සඳහන් කළේ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ඔහුගේ පුතුන් දෙදෙනා වන හිජාස් අහමඩ් සහ ඉස්මයිල් අහමඩ් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබෙනවා.

නමුත් මොහොමඩි ඊබ්‍රහිම් සහ ඔහුගේ පුත්‍රයකු වන හිජාස් අහමඩ් මේ වන විට අධිකරණය මගින් ඇප මත මුදාහැර තිබෙනවා.

මෙම විත්තිකරුවන් තුන් දෙනාට අදාළ නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සැප්තැම්බර් මස 22 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාටද එච්චර බලයක් තියෙන්නේ ?..අනීතිකව ආවොත් අත්අඩංගුවට ගන්න..මන්නාරමට ගිය ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්
05:39
Video thumbnail
යළි රට නගාසිටුවන්න ලාල්කාන්ත ජනතාවට දුන්න සුපිරි Motivation එක..අපිට නැගී සිටින එක ලොකු දෙයක් නෙවෙයි
07:03
Video thumbnail
අවතැන් වූ ජනතාවට ළඟටම ඇවිත් ම#ණ, උප්පැන්න සහතික ලබාදුන් හැටි..මගේ නෝනාගේ සිරුර තාම හොයාගන්න බැරිවුණා
04:45
Video thumbnail
සජිත්ව මිනිස්සු වටකරගෙන දුක කියයි.."අපි පාරට බැහැ ගන්නවත් බැරි තරම් අසරණවෙලා"
14:22
Video thumbnail
ලැබෙන ජාත්‍යන්තර ආධාර ආණ්ඩුව හොරකම් කරන්නේ නෑ..ආණ්ඩුව හැම රුපියලක්ම ජනතාවට දෙනවා
02:25
Video thumbnail
අනවශ්‍ය ඉදිකිරීම් නිසා ජනපතිට හොඳටම තරහා ගිහින්.."ජීප් කිහිපයක් යන්න විශාල පාලම් හදලා වැඩක් නෑ"
02:28
Video thumbnail
නිලධාරින්ගේ පටලැවිල්ලක් නිසා ජනපතිගේ සාකච්ඡාව අස්සේ මුළු පිරිසටම හිනායයි..
02:21
Video thumbnail
අනුරාධපුරයට තවමත් වරින් වර වැසි..නාච්චාදූව ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කරයි
00:58
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට චෝදනා..ආපදාවක් වුණොත් රජය මේකට වග කියන්න ඕනි..මේ මගේ ගෙදරක් නෙවෙයි
02:02
Video thumbnail
බිදුණු වැව් අමුණු හදන පිරිසව සංගීතයෙන් පිනවන්න ආ රොඩ්නි ඇතුළු පිරිස..කට්ටිය හරිම සතුටින් නටන හැටි
02:57


?