spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මොහොමඩ් ඊබ්‍රහිම්ගේ පුත්‍රයාට ඇප නැති වෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට තොරතුරු දැන සිටිය දී එය ආරක්ෂක අංශවලට වසන් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දෙමටගොඩ මහවිල උද්‍යානය පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් මහතාගේ පුත්‍රයකු වන ඉස්මයිල් අහමඩ් නමැත්තාගේ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කලා.

ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා කියා සිටියේ මෙම විත්තිකරුට ඇප ලබා දීමට තරම් සුවිශේෂ කරුණු කිසිවක් අනාවරණය නොවන බවයි.

ඒ අනුව ඇප ඉල්ලීම ඉවත දමන බවයි විනිසුරුවරයා සඳහන් කළේ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ඔහුගේ පුතුන් දෙදෙනා වන හිජාස් අහමඩ් සහ ඉස්මයිල් අහමඩ් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබෙනවා.

නමුත් මොහොමඩි ඊබ්‍රහිම් සහ ඔහුගේ පුත්‍රයකු වන හිජාස් අහමඩ් මේ වන විට අධිකරණය මගින් ඇප මත මුදාහැර තිබෙනවා.

මෙම විත්තිකරුවන් තුන් දෙනාට අදාළ නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සැප්තැම්බර් මස 22 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?