Indian Premier League

“මේක මගේ ගෙදර පිටිය, මම ඒක වෙන කාටත් වඩා හොඳින් දන්නවා” – බැංගලූරු ප්‍රේක්ෂකයින් හැඬවූ රාහුල් (වීඩියෝ)

අයි.පී.එල් තරගාවලියේ තවත් තියුණු තරගයක් බැංගලෝරයේ එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේ දී ඊයේ (10) පැවත් වුණා.

ලෝකේශ් රාහුල්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙන් මෙම තරගය ජයගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

රෝයල් චැලෙන්ජස් බැංගලූරු කණ්ඩායම පරාජය කරමින් දිල්ලි ක්‍රීඩකයින් මෙම තරගය ජයගත්තේ කඩුලු හයකින්.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය ලෝකේශ් රාහුල් පන්දු 53ක් තුළ ලකුණු 93ක් රැස්කළේ සිය නිවහන බඳු වූ චින්නස්වාමි ක්‍රීඩාංගණට රැස්ව සිටි දහස් සංඛ්‍යාත රෝයල් චැලෙන්ජස් ප්‍රේක්ෂකයින් හඬවමින්.

ප්‍රතිවාදී කණ්ඩායම වූ රෝයල් චැලෙන්ජස් බැංගලූරු කණ්ඩායමේ ක්‍රීඩාංගණයේ දී; රාහුල් ක්‍රීඩා කළ මෙම සුපිරි ඉනිම සහ
ප්‍රතිවාදී කණ්ඩායම ලබාදුන් ලකුණු 164ක ඉලක්කය පසුකර යෑමට එල්ල කළ දැවැන්ත හයේ පහරින් පසු
ඔහුගේ ජය සැමරුම පිළිබඳව වැඩි අවදානයක් මේ වනවිට විදෙස් මාධ්‍යවල සහ සමාජ මාධ්‍යයේ යොමුව තිබෙනවා.

එහිදී රාහුල් ක්‍රීඩා පිටියේ පිත්තෙන් රවුමක් ඇඳ, එහි මැද පිත්ත මුද්‍රා තබන ආකාර දැකගත හැකි වුණා.

“චින්නස්වාමි ක්‍රීඩාංගණ කියන්නේ මගේ ගෙදර, මේක මගේ ක්‍රීඩාංගණය, මම ඒක වෙන කාටත් වඩා හොඳින් දන්නවා.” යනුවෙන් ඔහු පසුව පවසන ආකාරය රූපරාමුවල සටහන්ව තිබෙනවා.

https://twitter.com/CricCrazyJohns/status/1910411047087059179
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?