“මේක මගේ ගෙදර පිටිය, මම ඒක වෙන කාටත් වඩා හොඳින් දන්නවා” – බැංගලූරු ප්‍රේක්ෂකයින් හැඬවූ රාහුල් (වීඩියෝ)

අයි.පී.එල් තරගාවලියේ තවත් තියුණු තරගයක් බැංගලෝරයේ එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේ දී ඊයේ (10) පැවත් වුණා.

ලෝකේශ් රාහුල්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙන් මෙම තරගය ජයගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

රෝයල් චැලෙන්ජස් බැංගලූරු කණ්ඩායම පරාජය කරමින් දිල්ලි ක්‍රීඩකයින් මෙම තරගය ජයගත්තේ කඩුලු හයකින්.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය ලෝකේශ් රාහුල් පන්දු 53ක් තුළ ලකුණු 93ක් රැස්කළේ සිය නිවහන බඳු වූ චින්නස්වාමි ක්‍රීඩාංගණට රැස්ව සිටි දහස් සංඛ්‍යාත රෝයල් චැලෙන්ජස් ප්‍රේක්ෂකයින් හඬවමින්.

ප්‍රතිවාදී කණ්ඩායම වූ රෝයල් චැලෙන්ජස් බැංගලූරු කණ්ඩායමේ ක්‍රීඩාංගණයේ දී; රාහුල් ක්‍රීඩා කළ මෙම සුපිරි ඉනිම සහ
ප්‍රතිවාදී කණ්ඩායම ලබාදුන් ලකුණු 164ක ඉලක්කය පසුකර යෑමට එල්ල කළ දැවැන්ත හයේ පහරින් පසු
ඔහුගේ ජය සැමරුම පිළිබඳව වැඩි අවදානයක් මේ වනවිට විදෙස් මාධ්‍යවල සහ සමාජ මාධ්‍යයේ යොමුව තිබෙනවා.

එහිදී රාහුල් ක්‍රීඩා පිටියේ පිත්තෙන් රවුමක් ඇඳ, එහි මැද පිත්ත මුද්‍රා තබන ආකාර දැකගත හැකි වුණා.

“චින්නස්වාමි ක්‍රීඩාංගණ කියන්නේ මගේ ගෙදර, මේක මගේ ක්‍රීඩාංගණය, මම ඒක වෙන කාටත් වඩා හොඳින් දන්නවා.” යනුවෙන් ඔහු පසුව පවසන ආකාරය රූපරාමුවල සටහන්ව තිබෙනවා.

https://twitter.com/CricCrazyJohns/status/1910411047087059179


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27