”මේක ඔබතුමාට කරන්න බෑ” – අමෙරිකාවේ හිමිනමකගෙන් ජනපතිට දේශනයක්

රට තුළ පවතින අර්බුදයෙන් ගොඩ ඒමට නම් ජනාධිපතිවරයා කළ යුත්තේ “උස පනින්නෙකු ඉදිරියට පැනීමට පෙර මදක් පසුපසට දිවයන්නා සේ” මදක් පසෙකට ගොස් රට කළ හැකි බුද්ධිමත් තරුණ පුද්ගලයින්ට අවස්ථාව ලබා දීම යැයි පූජ්‍ය කුරුන්දන්කුලමේ ශාන්තසෝභිත හිමියෝ පවසති.

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි බෞද්ධ විහාරයක වැඩ වාසය කරන උන් වහන්සේ මෙරට තුළ පවතින අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු පිරිසට වීඩියෝවක් මගින් අනුශාසනා කරමින් මේ බව ප්‍රකාශ කළහ.

එහිදී උන් වහන්සේ සඳහන් කර ඇත්තේ, පවතින අර්බුදයෙන් ගොඩ ඒමට නම් පවුල්වාදය සහ මිත්‍රත්වයන් මත කටයුතු කිරීම අතහැර රට ගැන සිතා රට වෙනුවෙන් වැඩ කළ යුතු බව ය.

ප්‍රශ්න එන විට පෞද්ගලික මතවාද පිළිබඳව පමණක් නොසිතා රට සහ ජනතාව වෙනුවෙන් තීරණ ගත හැකි රටවල් පමණක් ලෝකයේ පෙරට ගොස් ඇති බව ද උන් වහන්සේ පැවසූහ.

එසේ කළහොත් සියලු දෙනා එයට ගරු කරනු ඇති අතර එසේ නැතහොත් රට දැවැන්ත අර්බුදයකට මුහුණ දෙනු ඇති බව උන් වහන්සේ වැඩිදුරට ත් සඳහන් කළහ.

“දැන් මේ තත්ත්වයෙන් ගොඩ ඒමට නම් උස පනින අය ඉස්සරහට පනින්න කලින් පොඩ්ඩක් පස්සට යනවා වගේ ඔබතුමාට තියෙන්නේ මේ වෙලාවේ පොඩ්ඩක් පස්සට යන්න. මොකද ඔබතුමාට මේක කරන්න බෑ. ඔබතුමාට පමණක් නොවේ ඔය ඉන්න අමාත්‍ය මණ්ඩලයට ත් මේක කරන්න බෑ. මේක දැවැන්ත අර්බුදයකට යනවා. සමස්ත රට ම අමාරුවේ වැටෙනවා. ඒ නිසා සැබෑ නායකයෙක් විදියට ඔබතුමාට පුළුවන් රටේ ඉන්න බුද්ධිමත් අනික් පක්ෂවල ඉන්න බුද්ධිමත්, තරුණ, වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙන අයට අවස්ථාවක් දෙන්න.

 රට ගැන හිතලා වැඩ කරන්න පුළුවන් කෙනෙකුට දීලා පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න. හැම දෙනා ම ඒකට ගරු කරාවි. එහෙම නැත්නම් රටේ ඉන්න සියලු දෙනාට ම දැවැන්ත අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58