මෑත කාලීන අයි.සී.සී තරඟාවලි වලදී ශ්‍රී ලංකාව දුර්වල ජයග්‍රහණයක් ලබා ඇති බවත්, මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ දී එම ප්‍රවණතාවය වෙනස් විය හැකි බව එංගලන්ත කණ්ඩායමේ හිටපු නායක සහ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක නසාර් හුසේන් පවසනවා.
ඒ, අනුව එළඹෙන පෙබරවාරි මාසයේදී ආරම්භ වන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ දෙනා බලාපොරොත්තු වන මට්ටමට වඩා ඉහළ දස්කම් දක්වනු ඇති බවයි ඔහු පවසන්නේ.
ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය වැනි සාම්ප්‍රදායික තරඟකරුවන් කෙරෙහි අවධානය යොමු වන විට ශ්‍රී ලංකාව නොසලකා හැරීමට අනතුරුදායක බවයි නසාර් හුසේන් සඳහන් කළේ.
හුරුපුරුදු තත්වයන්, පළපුරුදු ක්‍රීඩකයින් සහ අලුත් වූ විශ්වාසයක් ඇතිව, ශ්‍රී ලංකාවය මෙවර තරඟාවලියේ දී බොහෝ දෙනෙකු පුදුමයට පත් කළ හැකි බවත් බොහෝ දෙනෙකු අපේක්ෂා කරනවාට වඩා හොඳින් ක්‍රීඩා කළ හැකි බවත් හුසේන් විශ්වාස කරනවා.



