AFC Banner
Empty Ad
Empty Ad

මෙවර මහ බැංකුවේ මහ පුටුව ආර්ථික විශේෂඥයෙකුට වෙන් වෙයි ?

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මහ බැංකු අධිපති ධුරය සඳහා පළපුරුදු අර්ථ ශාස්ත්‍රඥයෙකු වන ආචාර්ය නන්දලාල් වීරසිංහ කැඳවීමට ජනාධිපති ගෝඨා ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ වන විට ඕස්ට්‍රේලියාවේ සිටින ආචාර්ය නන්දලාල් වීරසිංහට මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු ලබන 07 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් වාර්තා වන අතර එම සංචාරය තුළදී මහ බැංකුවේ අධිපති ධුරය භාර ගැනීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු ද වන ආචාර්ය වීරසිංහ කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. මීට අමතරව ඔහුට ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව උපාධියක් සහ ශ්‍රාස්ත්‍රපති උපාධියක් ද හිමියි.

එමෙන්ම ආචාර්ය විරසිංහ ආර්ථික විද්‍යාව පිළිබඳව අදටත් ශ්‍රී ලංකා මහා බැංකුව පරිශීලනය කරනු ලබන පර්යේෂණ පත්‍රිකා ගණනාවක් නිකුත් කළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්.

මීට අමතරව ආචාර්ය වීරසිංහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති කමිටුවේ සහ විදේශ සංචිත කළමනාකරණ කමිටුවේ සභාපතිවරයා ලෙසටද කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?