මෙවර මහ බැංකුවේ මහ පුටුව ආර්ථික විශේෂඥයෙකුට වෙන් වෙයි ?

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මහ බැංකු අධිපති ධුරය සඳහා පළපුරුදු අර්ථ ශාස්ත්‍රඥයෙකු වන ආචාර්ය නන්දලාල් වීරසිංහ කැඳවීමට ජනාධිපති ගෝඨා ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ වන විට ඕස්ට්‍රේලියාවේ සිටින ආචාර්ය නන්දලාල් වීරසිංහට මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු ලබන 07 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් වාර්තා වන අතර එම සංචාරය තුළදී මහ බැංකුවේ අධිපති ධුරය භාර ගැනීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු ද වන ආචාර්ය වීරසිංහ කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. මීට අමතරව ඔහුට ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව උපාධියක් සහ ශ්‍රාස්ත්‍රපති උපාධියක් ද හිමියි.

එමෙන්ම ආචාර්ය විරසිංහ ආර්ථික විද්‍යාව පිළිබඳව අදටත් ශ්‍රී ලංකා මහා බැංකුව පරිශීලනය කරනු ලබන පර්යේෂණ පත්‍රිකා ගණනාවක් නිකුත් කළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්.

මීට අමතරව ආචාර්ය වීරසිංහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති කමිටුවේ සහ විදේශ සංචිත කළමනාකරණ කමිටුවේ සභාපතිවරයා ලෙසටද කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තරය ජයගත් මහේන්ද්‍ර පෙරේරා සතුට වචනවලට පෙරලුව අයුරු - OMG..Super Amazing Feeling..
02:15
Video thumbnail
"අපේ දුක දැක්කේ සජිත් මහත්තයා විතරයි" - තරුණයෙක් සහ තරුණියක් සජිත්ට දුන්නු ක්‍රෙඩිට් එක..
01:02
Video thumbnail
රු. කෝටි 20කට අධික හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් එක්ක ගුවන් මගියෙක් කටුනායකින් මාට්ටු
01:37
Video thumbnail
කිරිදිඔයේ දිය නෑමට ගිය හිමිනමක් දියේ ගි# අපවත් වෙයි - දානයකට ඇවිත් අත්වූ ඛේදනීය ඉරණම
01:04
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ - ඩෙංගු මදුරුවෝ පිරිලා..කිසිම ක්‍රියාමාර්ගයක් නෑ
03:08
Video thumbnail
ශ්‍රී ලංකාවේ නම ලෝකයට අරන් ගිය ජපානයේ නුඩ්ල්ස් දන්සල - ජපන් ජාතිකකයෝ එක පෙළට දන්සලේ
02:01
Video thumbnail
පඩිකාරමඩුවම බිය කරමින් දින ගණනක ඉදන් රාත්‍රියේ සහ අලුයමේ එන අමුත්තෝ
02:24
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14