මෙලීසා නිසා විපතට පත් ජැමෙයිකාවට සහ කියුබාවට ඉන්දියාවෙන් ආධාර

මෙලිසා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජැමෙයිකාව සහ කියුබාව සඳහා මානුෂීය ආධාර ටොන් 20 ක් රැගත් ඉන්දීය ගුවන් හමුදා යානයක් පිටත්ව ගිය බව විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් පැවසුවා.

X හි සටහනක් තබමින්, සහන ද්‍රව්‍ය අතර Aarogya Maitri BHISHM Cube, පුනරුත්ථාපන ආධාරක අයිතම, ආහාර සහ දෛනික අවශ්‍යතා ද්‍රව්‍ය, ඖෂධ, වෛද්‍ය උපකරණ, විදුලි ජනක යන්ත්‍ර, නවාතැන් ආධාරක සහ සනීපාරක්ෂක කට්ටල ඇතුළත් බව ජයිශංකර් සඳහන් කළා.

ස්වාභාවික විපත් හමුවේ ඉන්දියාව සිය ගෝලීය දකුණු හවුල්කරුවන් සමඟ සිටින අතර යථා තත්ත්වයට පත්විමට සහ ප්‍රතිසංස්කරණයේ දී සිය මිතුරන්ට සහාය වන බව විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

ජැමෙයිකාව, හයිටි සහ කියුබාවට බලපෑ මෙලිසා සුළි කුණාටුව හේතුවෙන් කැරබියන් දූපත් වල අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇති බව අල් ජසීරා වාර්තා කළා.

ජැමෙයිකාවේ සියයට 60කට පමණ විදුලි බලය ඇණහිට ඇතැයි ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17