මෙලීසා නිසා විපතට පත් ජැමෙයිකාවට සහ කියුබාවට ඉන්දියාවෙන් ආධාර

මෙලිසා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජැමෙයිකාව සහ කියුබාව සඳහා මානුෂීය ආධාර ටොන් 20 ක් රැගත් ඉන්දීය ගුවන් හමුදා යානයක් පිටත්ව ගිය බව විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් පැවසුවා.

X හි සටහනක් තබමින්, සහන ද්‍රව්‍ය අතර Aarogya Maitri BHISHM Cube, පුනරුත්ථාපන ආධාරක අයිතම, ආහාර සහ දෛනික අවශ්‍යතා ද්‍රව්‍ය, ඖෂධ, වෛද්‍ය උපකරණ, විදුලි ජනක යන්ත්‍ර, නවාතැන් ආධාරක සහ සනීපාරක්ෂක කට්ටල ඇතුළත් බව ජයිශංකර් සඳහන් කළා.

ස්වාභාවික විපත් හමුවේ ඉන්දියාව සිය ගෝලීය දකුණු හවුල්කරුවන් සමඟ සිටින අතර යථා තත්ත්වයට පත්විමට සහ ප්‍රතිසංස්කරණයේ දී සිය මිතුරන්ට සහාය වන බව විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

ජැමෙයිකාව, හයිටි සහ කියුබාවට බලපෑ මෙලිසා සුළි කුණාටුව හේතුවෙන් කැරබියන් දූපත් වල අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇති බව අල් ජසීරා වාර්තා කළා.

ජැමෙයිකාවේ සියයට 60කට පමණ විදුලි බලය ඇණහිට ඇතැයි ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?