AFC Banner
Empty Ad
Empty Ad

මෙරට සුප්‍රසිද්ධ සමාගමක් වන ‘කැලීන්’ නඩු මගට බහියි ? – අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසත් ඉල්ලීමක්

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කැලීන් බේබි සබන් ගැන අසත්‍යය තොරතුරු සඳහන් මඩ පත්‍රිකාවක් සංසරණය වෙමින් පවතින බවට එම සමාගම සිය නිල ෆේස්බුක් ගිණුමෙහි විශේෂ සටහනක් තබමින් පවසනවා.

කැලීන් ආයතනය පෙන්වාදෙන්නේ; ඒ පිළිබඳව සිය ආයතනය ක්‍රියාත්මක වී මඩ පත්‍රිකාවේ පිටුපස මුද්‍රණය කර ඇති ආයතනය හා එහි ඇති ලිපිනය වෙත ගොස් සොයා බැලීමේදී එය දිවයිනේ තවත් ප්‍රසිද්ධ බංකොලොත් වූ සබන් ව්‍යාපාරයක හිමිකරුවෙකුට අයත් ගොඩනැගිල්ලක ලිපිනයක් බව සොයා ගැනීමට හැකි වූ බවයි.

“පාරිභෝගික ආරක්ෂක සංවිධානය, නො- 46, සිරි සරණංකර මාවත, මහනුවර.” ලෙස දක්වා තිබුණ ද මෙම ලිපිනයේ එවැනි ආයතනයක් හෝ සංවිධානයක් ලියාපදිංචිව නොමැති බව ද කැලීන් පුද්ගලික සමාගම පවසනවා.

මෙම මඩ පත්‍රිකාවේ සඳහන් ආකාරයට කැලීන් සබන් නිෂ්පාදන තහනම් කර හෝ වෙළෙඳපොළේ විකිණීම තහනම් කර නැති අතර, කැලීන් දැනට වැඩිම ප්‍රමිතීන් සහ තත්ත්ව සහතික හිමි ගුණාත්මකභාවයෙන් හා ප්‍රමිතියෙන් යුතු ශ්‍රී ලංකාවේ සෞඛ්‍යාරක්ෂිතම බේබි සබන් නිෂ්පාදනය ලෙසට ද නම්කෙරුණා.

ඔබට ළඟම තිබෙන වෙළෙඳසැල්වලින් සිය නිෂ්පාදන වන කැලින් බේබි සබන් මිල දී ගත හැකි බවත් කිසිදු තහනමක් නොමැති බව කැලීන් ආයතනය වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව ද එහි සඳහන්.

ශ්‍රී ලංකාවේ බේබි සබන් වර්ග බොහොමයක් විකිණීමට තිබුණ ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS සහතිකය හිමිව තිබෙන්නේ බේබි සබන් වර්ග තුනකට පමණක් බවයි කැලීන් සමාගම නිවේදනය කරන්නේ.

කැලීන් බේබි සබන් යනු එම SLS තත්ත්ව සහතිකය හිමි ගුණාත්මකභාවයෙන් හා ප්‍රමිතියෙන් යුතු සෞඛ්‍යාරක්ෂිතම බේබි සබන් නිෂ්පාදනය බවත් ප්‍රමිති සහ තත්ත්ව සහතික ගණනාවකට හිමිකම් කියන කැලින් බේබි සබන් සඳහා සත්ත්ව රූප හැඩයන් හඳුන්වා දීමෙන් පසු, වෙළෙඳපොළේ සිදු වූ දැවැන්ත වාර්තාගත අලෙවියත් සමග එය දරාගත නොහැකි වූ අනෙකුත් තරගකාරී සබන් ව්‍යාපාර විසින් මෙම අසත්‍ය මඩ ප්‍රචාරය කරමින් පාරිභෝගිකයාට වැරදි තොරතුරු ලබාදෙමින් පවතින බවටයි කැලීන් සමාගම තැබූ ෆේස්බුක් සටහනේ දැක්වෙන්නේ.

එම අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයින් පිළිබඳව නීතියෙන් ක්‍රියා කිරීමට මේ වන විටත් කටයුතු යොදා තිබෙනවා.

ඕනෑම අයෙකුට කැලින් සබන් පිළිබඳව යම් සැකයක් ඇත්නම් අප ආයතනයට පැමිණ පරීක්ෂා කිරීමට ආරාධනය කරන බවත්; ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිල වෙබ් අඩවියට ගොස් ඔබට අපගේ SLS තත්ත්ව සහතිකය පරීක්ෂා කළ හැකි බවත් එහි සඳහන්.

කැලීන් බේබි සබන් අලෙවිය දරා ගත නොහැකිව කෙතරම් මඩ ගැසුව ද නොසැලී වඩ වඩාත් ශක්තිමත්ව ඉදිරියට යමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍යාරක්ෂිතම බේබි සබන් කැටය ලබා දෙන්නට තම සමාගම නිරතුරුවම ඇප කැප වී සිටින බවත්: එම මඩ ප්‍රචාරවලට නොරැවටී අපව විශ්වාස කරමින් අප සමගින් රැඳී සිටින ඔබ සැමට ආයතනික ස්තුතිය පුද කරන බවත් කැලීන් සමාගම අවසන් වශයෙන් නිවේදනය කරනවා.

කැලීන් සමාගමේ නිෂ්පාදන ගැන අසත්‍ය ප්‍රචාර පළ කරන පෝස්ටුවක් පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?