රජයට කෝටි ගණන් පාඩු කළා යැයි චෝදනා ලැබූ අජිත් නිවාඩ් කබ්‍රාල්ට ඇප

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයක ඇති බව දැනගෙනත් එරට භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමෙන් රජයට රු. මිලියන 1843කට අධික මුදලක් පාඩු කළැයි චෝදනා කරමින්,හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පස් දෙනෙකු රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කර තිබෙනවා.

විනිසුරුවරයා එසේ නියෝග කළේ පසුගිය සැප්තැම්බර් 26 වැනිදා මහාධිකරණය මගින් නිකුත් කළ නොතීසියකට අනුව හිටපු මහබැංකු අධිපති ඇතුළු විත්තිකරුවන් පස්දෙනා අද (10) අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදීයි.

නඩුව කැඳවු අවස්ථාවේ දී මහබැංකු අධිපතිවරය ඇතුලු විත්තිකරුවන් හට අධි චෝදනා භාර දෙනු ලැබුවා.

ඉන් අනතුරුවයි මහාධිකරණ විනිසුරුවරයා ඇප නියම කළේ.

එහිදි වැඩිදුරටත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ විදෙස් ගමන් තහනම් වන අතර විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාරදීමටයි.

එමෙන්ම විදෙස්ගත වීමට අවශ්‍ය නම් ඒ සඳහා අධිකරණයෙන් අවසර ගත යුතු බව ද සිය නියෝගයේ දැනුම්දුන්නා.

ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමෙන් රජයට රු.1,843,267,595.00ක පාඩුවක් සිදු කරමින් දූෂණයක් සිදු කිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද පැමිණිල්ලකට අදාළව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විමර්ශනයක් සිදු කරනු ලැබුවා.

ඒ අනුව අදාළ විමර්ශන කටයුතුවලින් අනතුරුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්, හිටපු මහ බැංකු අධිපති නිවාඩ් අජිත් ලෙස්ලි කබ්රාල්, කන්කා නම් ගමගේ දොන් ධර්මසේන ධීරසිංහ, බෙන්ඩරගේ දොන් වසන්ත ආනන්ද සිල්වා, චින්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන සහ හරංකහ ආරච්චිලාගේ කරුණාරත්න යන අය චූදිතයන් ලෙස නම් කරමින් ඔවුන්ට එරෙහිව නඩු පවරනු ලැබුණා.

2012 වසරේදී ග්‍රීක බැඳුම්කර මිල දී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි එකසිය 184කට අධික පාඩුවක් කළ බවට චෝදනා ලබා සිටින අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව අල්ලස් කොමිසම පවරා තිබු නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය පසුගිය මැයි 31 වන දින නියම කර තිබෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සුජීව සේනසිංහ මහතා විසින් සිදු කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත්වූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එම නඩුව පවරා ඇති බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත්, අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එම ධුරයට පත් කිරීමටත් පෙරම අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව පවරා තිබූ චෝදනා පත්‍රයට අත්සන් තැබීම මත විත්තිකරුවන්ට එරෙහි මෙම නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බව තීරණය කරමින් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් පස්දෙනාම නඩුවෙන් නිදහස් කිරීමට එහිදී කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියම කළා.

මෙම නියෝගය වැඩිදුරටත් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිසම විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පස් දෙනෙකුට එරෙහිව යළිත් කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කළ බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30