මෙරට භූ චලන සම්බන්ද හෙලිදරව්වක්

ඉන්දු-ඔස්ට්‍රේලියා භූ තැටියේ විචලනය මත ශ්‍රී ලංකාවේ ඉදිරියේදී නිරන්තරයෙන් සුළු භූ චලන ඇතිවන බවට භූ විද්‍යා විශේෂඥයන් කරුණු දක්වන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල කීවේය.

ලංකාවේ මෙතෙක් කලක් වූ භූ කම්පන සියල්ල සිදුවී ඇත්තේ ගිනිකොණ ප්‍රදේශය ආශ්‍රිතවය. බදුල්ල, මහනුවර ආදී දිස්ත්‍රික්ක ගත්තත් එම දිස්ත්‍රික්කවල භූ කම්පන සිදුවී ඇත්තේද ගිනිකොණ දෙසට වන්නට බව පතල් කාර්යාංශයේ සභාපතිවරයා කියයි.

රිච්ටර් පරිමාණ 3ට වඩා භූ චලන ඉදිරියේදී ද නිරන්තරයෙන් ඇතිවීමේ හැකියාව පවතින බවත්, වසරකට ලෝකය පුරා සුළු භූ චලන දස ලක්ෂයකට වඩා සිදුවන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මහා පරිමාණ භූ චලනයක් සිදු නොවේ යැයි අනුමාන කළත් මීට වසර ගණනාවකට පෙර ඉන්දියාවේ ප්‍රාන්තයක විශාල භූ චලනයක් සිදුවී තිබීම නිසා මෙම සුළු භූ චලන පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවන බවද සභාපතිවරයා කියා සිටී.

භූ චලන මාන පද්ධති කිහිපයක් මෙරට දකුණු කලාපය ආශ්‍රිතව සවි කිරීමටද කටයුතු කරන බව සභාපතිවරයා කීය.

ලුණුගම්වෙහෙර ජලාශයේ වේල්ල අසල පෙරේදා (07 වැනිදා) පෙරවරු 10.38ට පමණ රිච්ටර් පරිමාණ 2.4ක් විශාලැති සුළු භූ චලනයන් සිදුවූ අතර, ඉකුත් අගෝස්තු මස 24 වැනිදා රාත්‍රි 9.29ටද භූ චලනයක් වාර්තා වූයේ යාල කලාප අංක 01 ආශ්‍රිතවය. එහි විශාලත්වය රිච්ටර් පරිමාණ 2.5කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53